• Ada Derana BIZ Sinhala
  • Oil Extraction
  • sri lanka

දකුණු ආසියාවේ විශාලතම Oil Extraction යන්ත්‍රාගාරයක් දඹුල්ලට

September, 22, 2022

ශ්‍රී ලංකාවේ විශාලතම තෙල් උකහාගැනීමේ යන්ත්‍රාගාරයක් (Oil extraction plant) දඹුල්ලේ දී ඉදි කෙරෙමින් පවතින බව මෙරට ලැයිස්තුගත සමාගමක් වන රයිගම් වයඹ සෝල්ටන්ස් පීඑල්සී හි සභාපති ආචාර්ය රවී ලියනගේ මහතා පවසයි.

තම ව්‍යාපාර ජාලය පුළුල් කිරීම සහ ශක්තිමත් ජාතික ව්‍යවසායක් ලෙස ස්ථාපිත කිරීම අරමුණු කර ගනිමින් සමාගම සතු අතිරික්ත සංචිත ජාතික වශයෙන් ඉතා ඵලදායී මෙහෙවරක් සඳහා ආයෝජනය කර කෘෂි සැකසුම් ක්‍ෂේත‍්‍රයට පිවිසි බව නිවේදනය කරමින් ඔහු මේ බව අනාවරණය කළේය.

අද දෙරණ වෙත අදහස් දක්වමින් රයිගම් වයඹ සෝල්ටන්ස් පීඑල්සී සභාපතිවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.

“රයිගම් වයඹ සෝල්ටන්ස් පීඑල්සී සමාගමේ නවතම විවිධාංගීකරණය රයිගම් වයඹ සීරියල් පෞද්ගලික සමාගම යටතේ ප්‍රථම නිෂ්පාදනය ඉදිරිපත් කරනවා වෙළෙඳපොළට නැණපෝෂ නමින්. මේ සඳහා අවශ්‍ය යන්ත්‍රසූත්‍ර අපි දේශීයව නිෂ්පාදනය කළා. අපි අවුරුදු 2-3 ක කාලයක දී අපි බලාපොරොත්තු වෙනවා උතුරු මැද සහ නැගෙනහිර පළාතේ ගොවි ජනතාව සමඟ සම්බන්ධ වෙලා හෙක්ටයාර 7,000 ක් අක්කර 20,000 ක ආසන්න ප්‍රමාණයකට ඔවුන්ට පොහොර, බීජ, මුදල් දීලා අපි සෝයා විතරක් නෙමෙයි මෙම නිෂ්පාදිතයට අවශ්‍ය බඩ ඉරිඟු වගේ දේවල් නිෂ්පාදනය කරන්න.“

“ඒත් එක්කම අපේ අලුත්ම යන්ත්‍රාගාරය දඹුල්ලේ ඉදිවෙනවා. ඒක දකුණු ආසියාවේ විශාලතම තෙල් උකහාගැනීමේ Oil extraction plant එකක්, ඒකෙන් අපි බලාපොරොත්තු වෙනවා අපිට අවශ්‍ය, ලංකාවට අවශ්‍ය ඒ වගේම අපේ මාජරින් නිෂ්පාදන ජාලයට අවශ්‍ය, යන්ත්‍රාගාරයට අවශ්‍ය තෙල් නිෂ්පාදනය කරන්න. ඒකත් සෝයා බඩ ඉරිඟු සහ විශේෂයෙන්ම බවත දමන වී පොතු භාවිත කරගෙන. මේ ඔක්කොම එකතු වෙලා අපි හිතනවා රයිගම් අලුත් නිම්නයකට ලබන අවුරුදු 2-3 ඇතුළත දී යන්න පුළුවන් කියලා.“