March, 24, 2026
ශ්‍රී ලංකාවේ දකුණු පුරවරයේ අගනගරය වූ ගාල්ලට නව යුගයක ඇරඹුමක් ලබා දෙමින් Galle City Center (GCC) නමින් අති නවීන සාප්පු සංකීර්ණ අත්දැකීමක් එළඹෙන 28 වන දා සිට ජනතාව වෙත අත්විද ගැනීමට අවස්ථාව හිමි වන බවට වාර්තා වෙයි.
වර්ග අඩි 135,000ක් වටා විහි දී ඇති මෙම ව්‍යාපෘතිය එක වාණිජමය අරමුණින් නිර්මාණය වූවක් පමණක් නොවන අතර ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු වන හේමන්ත ගමගේ මහතාගේ සහ ඔහුගේ බිරිඳ අනූෂා ගමගේ මහත්මියගේ සුවිසල් සිහිනයක් යථාර්ථයක් බවට පත් කළ නිර්මාණයකි.
මහල් 9 කින් සමන්විත මෙම GCC සාප්පු සංකීර්ණය, නවමු වූ අත්දැකීම් සහ සුඛෝපභෝගීත්වය එකට එක් කරමින් විවිධ වූ අත්දැකීම් ජනතාව වෙත ලගා කිරීමේ අරමුණින් නිර්මාණය කර ඇත.
එහි මහල් 6 ක් සුපිරි වෙළඳසැල් සඳහා වෙන් කර ඇති අතර, උසස් තත්ත්වයේ ඇඳුම් පැලඳුම්, නවීන පන්නයේ ඉලෙක්ට්‍රොනික උපකරණ, රසවත් ආහාර පාන වලින් සමන්විත අවන්හල් මෙන්ම විනෝදාස්වාද පහසුකම් රැසකින් එවා සමන්විත වනු ඇත.
ඊට අමතරව ඉහළ මහල් වෙන්වී ඇත්තේ තරු 4 අති නවීන හෝටලයක් වෙනුවෙනි. එම හෝටලය කාමර 35කින් සමන් විත වන අතර සුන්දර මුහුදු තීරය මෙන්ම අවට පරිසරය මුළුමනින්ම නිරීක්ෂණය කළ හැකි උසස් මට්ටමේ අවන්හලකින් සහ අති නවීන රූෆ්ටොප් උත්සව ශාලාවකින් ද එය සමන්විත වෙයි.
Video Story