January, 22, 2026
කෘෂි ව්‍යවසාය භෞතික රාමුව (Agriculture Enterprise Architecture Framework), කෘෂිකාර්මික අන්තර් මෙහෙයුම් ශක්‍යතා රාමුව (Agriculture Interoperability Framework), දත්ත හුවමාරු කර ගැනීමේ ප්‍රතිපත්ති සහ භෝග දත්ත හා තීරණ ගැනීම සඳහා වූ ජාතික ඩිජිටල් වේදිකාව වන CROPIX පද්ධතිව නිල වශයෙන් එළිදැක්වීමත් සමඟ, ශ්‍රී ලංකාව අද (22) දින සිය කෘෂිකාර්මික ක්ෂේත්රයේ පරිවර්තනීය පියරවරක් ඉදිරියට තැබීය.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) එක්ව, ගේට්ස් පදනමේ මූල්‍ය අනුග්‍රහය ඇතිව සම-සත්කාරකත්වය දරන ලද මෙම ඉහළ පෙළේ එළිදැක්වීමේ උත්සවය මගින්, ඒකාබද්ධ ඩිජිටල් පදනමක් විධිමත් ලෙස හඳුන්වා දෙන ලදී. කෘෂිකාර්මික පාලනය නවීකරණය කිරීම, සේවා සම්පාදනය වැඩිදියුණු කිරීම සහ ක්ෂේත්රය පුරා සාක්ෂි මත පදනම් වූ තීරණ ගැනීම ශක්තිමත් කිරීම සඳහා මෙය සැලසුම් කර ඇත.
Video Story