දයා ගමගේ ප්‍රමුඛ බිම්පුත් ෆයිනෑන්ස් විදෙස් ණයක් ගනී

    October, 13, 2014

    එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේ මහතා ප්‍රධානීත්වය දරණ බිම්පුත් ෆයිනෑන්ස් සමාගම විසින් ක්ෂුද්‍ර මූල්‍යන මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම සඳහා ලක්සම්බර්ග් පදනම් කරගත් අරමුදලකින් ණයක් ලබාගෙන තිබේ.

    මේ අනුව, සමාගම විසින් Incofin IM’s Rural Impulse Fund S.A. SICAV-FI නැමති අරමුදලෙන් ඩොලර් 750,000 ක ණය මුදලක් ලබාගෙන ඇත.

    සමාගම විසින් පසුගියදා සිංහපුත්‍ර ෆයිනෑන්ස් සමාගමේ සියයට 24.99 ක කොටස් කොටසක් රුපියල් 275 ක් බැගින් මිලදී ගත් ගනුදෙනුවේ වටිනාකම රුපියල් මිලියන 412 කට වැඩිය.

    මෙම මිලදීගැනීමෙන් පසුව බිම්පුත් ෆයිනෑන්ස් සමාගම සතුවන සිංහපුත්‍ර ෆයිනෑන්ස් කොටස් ප්‍රමාණය සියයට 25.5 කි.