දවස් 20කදී සංචාරකයින් 120,000ක් දිවයිනට

    November, 22, 2024

    2024 නොවැම්බර් මාසයේ පළමු දින 20 තුළදී විදෙස් සංචාරකයින් 120,961ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන අනාවරණය කරයි.

    ඒ අනුව මෙම වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 1,741,676 ලෙසයි.

    නොවැම්බර් මාසයේ මේ දක්වා වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 26,717ක් ලෙසින් සටහන්ව ඇත.

    මීට අමතරව ශීත සෘතුවේ ආරම්භයත් සමඟම යුරෝපා සංචාරකයින්ගේ පැමිණීම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර නොවැම්බර් මාසයේ පළමු දින 20 තුළ දී රුසියාවෙන් සංචාරකයින් 20,157ක්, ජර්මනියෙන් 9,444ක් එක්සත් රාජධානියෙන් 7,715ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.