දශ ලක්ෂ විසිදහසක භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක්

    November, 6, 2015

    එළඹෙන නොවැම්බර් 11 වැනි දින රුපියල් දශ ලක්ෂ විසිදහසක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටී. මේ සඳහා රජයේ සුරැකුම්පත් පිළිබඳ ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් ලංසු කැඳවා තිබේ.

    මෙහිදී රුපියල් මිලියන 8,000 ක් වටිනා භාණ්ඩාගර බිල්පත් දින 182 කින් කල් පිරෙන පරිදි සහ රුපියල් මිලියන 12,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් දින 364 කින් කල් පිරෙන පරිදි නිකුත් කිරීමට නියමිතය‍.

    Video Story

    Stock Market

    Exchange Rates