දශ ලක්ෂ 15,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් හෙට

    November, 17, 2015

    හෙට දින (නොවැම්බර් 18) පැවැත්වෙන වෙන්දේසිය සඳහා රුපියල් දශ ලක්ෂ 15,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත.

    මෙහිදී රු. දශ ලක්ෂ 6,000 ක බිල්පත් දින 182 කින් කල්පිරෙන පරිදි හා රු. දශ ලක්ෂ 9,000 ක බිල්පත් දින 364 කින් කල්පිරෙන ආකාරයෙන් නිකුත් නිකුත් කිරීමට නියමිතය.

    පසුගිය සතියේ පැවති භාණ්ඩාගාර බිල්පත් නිකුතුව සඳහා රු. දශ ලක්ෂ 20,000 ක බිල්පත් වෙන්දේසිය සඳහා ඉදරිපත් කෙරුණ ද ඉන් භාර ගනු ලැබූයේ රු. දශ ලක්ෂ 5,780 ක වටිනාකමකින් යුතු ලංසු පමණි. එහිදී තීරණය වූ පොළී අනුපාතිකය 6.94% ක්වූ අතර හෙට පැවැත්වෙන වෙන්දේසියේ දීද පොළී අනුපාතිකය තවදුරටත් පහළ යාමට ඉඩ ඇතැයි මූල්‍ය වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි.

    රජයේ කෙටිකාලීන මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරනු ලබයි. මෙහිදී කෙටි කාලය යනුවෙන් අර්ථ ගැන්වෙන්නේ වසරක් හෝ ඊට අඩු කාලයකි.