January, 8, 2016
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දිනයේ දී භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙහිදී රුපියල් මිලියන 20,000 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.
කාණ්ඩ 4 ක් යටතේ මෙම බැඳුම්කර නිකුත් කෙරේ. එනම් 2020, 2025, 2030 හා 2041 යන වර්ෂවල දී කල්පිරෙන පරිද්දෙනි. මෙහි සම්පූර්ණ විස්තරය පහත පරිදි වේ.
මෙම වෙන්දේසිය සඳහා රජයේ සුරැකුම්පත් පිළිබඳ ප්‍රාථමික අලෙවිකරුවන් හට ලංසු ඉදිරිපත් කළ හැකිය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සපයනු ලැබ ඇති විද්‍යුත් ලංසු ඉදිරිපත් කිරීමේ පහසුකම මගින් පමණක් මේ සඳහා ලංසු ඉදිරිපත් කළ හැකිවේ.
වෙළෙඳපොළ තත්ත්වයන් මත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වෙන්දේසියට ඉදිරිපත් කළ ප්‍රමාණයට වඩා වැඩි හෝ අඩු ප්‍රමාණයන් පිළිගත හැකි බව මහ බැංකුව වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් නිවේදනය කර සිටී.