දශ ලක්ෂ 20,000 ක භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් හෙට

    February, 9, 2016

    රුපියල් මිලියන 20,000 ක භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් හෙට (10) දිනයේ දී පැවැත්වෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී.

    මෙහිදී රුපියල් මිලියන 12,000 ක බිල්පත් දින 182 ක පරිණත කාලයකින් වන පරිදි සහ රුපියල් මිලියන 8,000 ක බිල්පත් දින 364 ක පරිණත කාලයකින් වන පරිදි වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

    පසුගිය සතියේ පැවති වෙන්දේසියේ දී දින 182 භාණ්ඩාගාර බිල්පත් සඳහා 7.4% ක් හා දින 364 භාණ්ඩාගාර බිල්පත් සඳහා 7.87% ක් ලෙසින් පොළී අනුපාතික තීරණය වී තිබිණි.