August, 9, 2017
අද (09) දිනයේ දී රුපියල් දශ ලක්ෂ 30,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් කැඳවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.
මෙහිදී දින 91, දින 182 හා දින 364 යනාදී පරිණත කාලයන්ගෙන් යුතු භාණ්ඩාගාර බිල්පත් පිළිවෙලින් රුපියල් දශ ලක්ෂ 2000, 15000 හා 13000 බැගින් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.
පසුගිය සතියේ පැවති බිල්පත් වෙන්දේසියේ දී පොළී අනුපාතිකවල කැපී පෙනෙන පහළ යාමක් වාර්තා වූ අතර එහිදී දින 91 බිල්පත් පොළිය 9.44% සිට 9.03% දක්වා ද, දින 182 බිල්පත් පොළිය 9.71% සිට 9.16% දක්වා ද, දින 364 බිල්පත් පොළිය 9.99% සිට 9.48% දක්වා ද පහළ යන ලදී.
මෙම තත්ත්වය තුළ අද පැවැත්වෙන වෙන්දේසියේ දී ද පොළී අනුපාතිකවල පහළ යාමක් වාර්තා වුවහොත්, එය මූල්‍ය හා ප්‍රාග්ධන වෙළෙඳපොළ කෙරෙහි බලපෑමක් වනු ඇති බව විශ්ලේෂකයින්ගේ අදහසයි.
Video Story