March, 30, 2026
ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්රය නව මානයකට යොමු කරමින් Kia Motors ලංකා සමාගම හඳුන්වා දෙන නවතම Kia Tasman ඩබල් කැබ් රථය, පිකප් රථ කාණ්ඩයේ පරිවර්තනීය වෙනසක් කරනු ඇත.
පිකප් රථ කාණ්ඩයේ සෑම සම්ප්‍රදායකටම අභියෝග කරමින් නිමැවුනු Tasman රථය Kia හඳුන්වා දෙන පළමු පිකප් රථය වේ. දේශීය මාර්ග පද්ධතියේ පෘෂ්ඨ වලට ඔරොත්තු දෙමින් සුපැහැදිලිබව හා බහුකාර්ය හැකියාවන් පිළිබඳ නව ප්රමිතීන් හඳුන්වා දෙන පරිදි නිමවා ඇති මෙම රථය, එදිනෙදා රිය පැදවීමේ අපේක්ෂාවන් මනාව ඉෂ්ඨ කරමින් ඕනෑම රළු ගමනාත්තයක් වුවද පහසු කිරීමට සමත් ය.
Kia සමාගම විසින් මෙතෙක් හඳුන්වා දුන් off-road හැකියාවන්ගෙන් පරිණතම මෝටර් රථය නිපදවීමේ අභිලාෂය මත Tasman වාහනය නිර්මාණය කරන ලදී. එහි ප්‍රතිඵලය වූයේ සුවපහසුව, ඉඩපහසුකම් හා තාක්ෂණික ප්රමිතීන් අවම නොකරමින් රළු භූමි ප්‍රදේශ හා ජල මාර්ග හරහා අධික බරක් දරමින් වුව ද ගමන් කළ හැකි පිකප් රථයකි.
“Tasman රථයේ සම්ප්‍රාප්තිය Kia සමාගමට පමණක් නොව, දේශීය පිකප් රථ අංශයේ උන්නතිය උදෙසා ද වැදගත් වූ සන්ධිස්ථානයක් වනවා,” යැයි Kia මෝටර්ස් (ලංකා) සමාගමේ සභාපති මහේන් තම්බයියා මහතා පැවසීය. “මෙය කිසිඳු තත්ත්ව බාල කිරීමකින් තොරව, ශක්තිය, බුද්ධිය හා සුපැහැදිලිබව ඒකාබද්ධ කරමින්, පිකප් රථයක් යන සංකල්පය නැවත අර්ථ දක්වන ආකාරයෙන් නිර්මාණය කරන ලද්දකි. කල්පැවැත්ම, හැකියාව සමඟින් එදිනෙදා ගමනේදී සුවපහසුව ද එකලෙස ඉල්ලා සිටින වාහනලෝලීන්ගේ සෑම අපේක්ෂාවක්ම Tasman රථය ඉටු කරයි.”
ප්‍රබල, නව body-on-frame වේදිකාවක් මත නිමවා ඇති Tasman රථයට 1,151kg දක්වා බර පැටවීමේ ධාරිතාවක් සහ 3,500kg දක්වා බරක් ඇදගෙන යාමේ හැකියාව ලබා දෙමින් පිකප් රථ පන්තියේ ඉහළම ශක්තිමත් බව ලබාදෙයි. පිකප් ට්‍රක් රථය වේග-අට ස්වයංක්‍රීය සම්ප්‍රේෂණයක් සමඟින් සම්බන්ධිත 2.2-ලීටර් ඩීසල් එන්ජිමකින් ද සමන්විත වේ.
Tasman රථය සැබවින් ම සුවිශේෂි වන්නේ එහි ද්විත්ව හැකියාවයි. එහි බාහිරින් පෙනෙන ගාම්භීර පෙනුමෙන් සැඟව ඇත්තේ පිකප් ට්‍රක් රථවල කලාතුරකින් හමුවන සුවපහසුව හා සුපැහැදිලි බවයි. දිගු ගමන් වලදී මගීන්ගේ සුවපහසුව වැඩි කරදෙන දිගහැරීමට හා නැමීමට හැකි පසුපස ආසන වැනි පාරිභෝගික හිතකාමී නව්‍යෝත්පාදන වලින් පරිපූර්ණ වූ මෙම රථයේ මගීන්ට වැඩි සුවපහසුවක් ලබා දීමට පිකප් ට්‍රක් පන්තියේ වැඩිම ඉඩකඩ ඇති දෙවන පෙළ ආසන වලින් සමන්විත වේ.
1996 සිට ශ්‍රී ලංකාව තුළ Kia සන්නාමය නියෝජනය කර ඇති Kia මෝටර්ස් (ලංකා) සමාගම ගෝලීය නිර්මාණ, තාක්ෂණය සහ ගුණාත්මක නායකත්වය නියෝජනය කරයි. සමාගම විසින් සියලුම අභ්‍යන්තර දහන එන්ජින් (ICE) වාහන සඳහා වසර 5 ක හෝ කිලෝමීටර 150,000 ක වගකීමක් ලබා දෙන අතර එමඟින් Kia නිෂ්පාදනවල ගුණාත්මකභාවය, විශ්වසනීයත්වය සහ නවෝත්පාදනය කෙරෙහි විශ්වාසය අවධාරණය කරයි.
Video Story