ද්විත්ව බදුකරණය වැළැක්වීමට ෆින්ලන්තය සමඟ ගිවිසුමක්

    October, 5, 2016

    ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර ආර්ථික සබඳතා වැඩිදියුණු කිරීම සහ සහයෝගිතාව වර්ධනය කිරීම අරමුණු කරගනිමින් ද්විත්ත්ව බදුකරණය මඟහැරවීම සහ ආදායම මත බදු ගෙවීම පැහැර හැරීම වළකාලීම සඳහා ගිවිසුමක් අත්සන් තැබීමට යෝජනා වී ඇත.

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය හා ෆින්ලන්ත ජනරජය අතර ඇති කරගැනීමට නියමිත මෙම ගිවිසුමට රාජ්‍ය මට්ටමින් අත්සන් තැබීමටත්, 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතේ 97(1)(අ) වගන්තිය ප්‍රකාරව ඒ සම්බන්ධයෙන් වන යෝජනාවක් අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.