March, 4, 2026
ඊයේ (03) දිනයේ දී ඉතිහාසයේ විශාලතම කඩා වැටීමට ලක් වූ කොළඹ කොටස් වෙළෙඳපොළ, අද (04) දිනයේ දී යම්තාක් දුරකට ස්ථාවර වන බවක් පෙන්නුම් කළේය.
එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 134.03කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 22,577.41ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 44.01කින් ඉහළ ගොස් ඒකක 6,357.66ක් ලෙසින් සටහන් විය.
අද දින රු. බිලියන 4.68ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබේ. ඊයේ දිනයේ දී රු. බිලියන 9.56ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වූ අතර අද දින පිරිවැටුම එයින් භාගයකටක් වඩා අඩු වීම විශේෂත්වයකි.
Video Story