දැවැන්ත ව්‍යාපෘති වලට අවශ්‍ය අමුද්‍රව්‍ය ලංකාවෙම නිපදවීමට යයි

    May, 29, 2014

    ඉදිරි අවුරුදු තුනක කාලය තුළදී මෙරට සිදුකරන දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් අවශ්‍ය අමුද්‍රව්‍ය විදේශීය ආයෝජකයින් සම්බන්ධ කරගනිමින් දේශීයව නිපදවන මෙරට නිෂ්පාදකයින්ට බදු සහන ලබාදීමට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය සැලසුම් කර තිබේ.

    යකඩ, ටයිල්, ඇලුමිනියම්, වීදුරු, ලී, වයර්, ඇතුළු අවශ්‍ය ඉදිකිරීමේ අමුද්‍රව්‍ය ලයිස්තුවක් රජය විසින් සකස් කර තිබෙන අතර මේවා දේශීයව නිපදවන ආයෝජකයින්ට පවතින නිදහස් වෙළඳ ගිවිසුම් මත කොටසක් අපනයනය කිරීමටද අවස්ථාව ලබාදෙන බව රජය කියයි.

    මේ අනුව, මෙම අමුද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණය පිළිබඳව ගණනය කිරීමක් ආයෝජන මණ්ඩලය විසින් සිදුකරනු ඇත.