March, 24, 2026
දිගින් දිගටම පහළ ගිය රන් මිලෙහි සැලකිය යුතු ඉහළ යාමක් අද (24) දක්නට ලැබුණි.
ඒ අනුව අද පස්වරුව වන විට පෙර දිනයට සාපේක්ෂව මෙරට රන් මිලෙහි රු. 20,000ක ඉහළ යාමක් දක්නට ලැබුණු බව GOLDCeylon වාර්තා කරයි.
එහි දී කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොලේ "කැරට් 24" රන් පවුමක මිල රුපියල් 385,000ක් දක්වා ඉහළ ගොස් තිබූ අතර "කැරට් 22" රන් පවුමක මිල රුපියල් 354,200ක් දක්වා ඉහළ ගොස් ඇති බවට වාර්තා වෙයි.
මේ අතර ගෝලීය රන් අවුන්සයක මිල අද පස්වරුව වන විට ඩොලර් 4,413ක් දක්වා ඉහළ ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
Video Story