‘දිට්වා‘ මෙරට 374,000කට රැකියා අහිමි කරයි

    December, 24, 2025

    දිට්වා සුළිකුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ 374,000ක ශ්‍රමික පිරිසකගේ රැකියා අහිමිවීමක් ඇස්තමේන්තු කළ හැකි බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) පවසයි

    දිට්වා සුළිකුණාටුවෙන් ශ්‍රී ලංකාවේ සේවා නියුක්තියන්ට සිදුවූ බලපෑම පිළිබඳව මූලික වාර්තාවක් ප්‍රකාශයට පත්කරමින් ජාත්‍යන්තර කම්කරු සංවිධානය මේ බව කියා සිටී.

    එහි සඳහන් වන පරිදි කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ 85,000 ක්, කර්මාන්ත අංශයේ 125,000ක් හා සේවා අංශයේ 164,000 ක් ලෙසින් රැකියා අහිමි වීමක් ඇස්තමේන්තු කර ඇති අතර පිරිමි 274,000 ක් හා කාන්තාවන් 130,000ක් ඒ අතර වේ.

    මෙම රැකියා අහිමිවීමත් සමගම මාසිකව ඔවුන්ට ඉපයීමට හැකිව තිබූ ඩොලර් මිලියන 48ක පමණ ආදායමක් අහිමි වී යනු ඇතැයි සඳහන් අතර ඒ අනුව දළ ජාතික නිෂ්පාදිතයට 16%ක පාඩුවක් ගෙන ඒමේ අවදානමක් ඇති බවට ගණන් බලා තිබේ.

    කොවිඩ්-19 වසංගත තත්ත්වය, ආර්ථික අර්බුදය වැනි පසුගිය කෙටිකාලයක් තුළ ශ්‍රී ලංකාව සෘජුවම මුහුණ පෑ අභියෝගාත්මක වාතාවරණයන්ගෙන් පසු මෙරට ශ්‍රම වෙළෙඳපොළට දිට්වා හරහා දැඩි කම්පනයක් ගෙන එනු ඇති බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය වැඩිදුරටත් සහන් කරයි.