දිනේෂ් වීරක්කොඩි කොමර්ෂල් ලොකු පුටුවට සමුදෙයි

    July, 25, 2014

    කොමර්ෂල් බැංකුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන දිනේෂ් ස්ටෙෆාන් වීරක්කොඩි මහතා 2014 ජූලි 28 වනදා සිට එම තනතුරෙන් ඉවත් වනබව කොළඹ කොටස් වෙළඳ පොළ වෙත බැංකුව නිවේදනය කර තිබේ.

    වීරක්කොඩි මහතා ජූලි 28 වනදා වනවිට බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්වී වසර 09 ක් සපුරන බවත් ඔහු බැංකුවේ සභාපති තනතුරට අමතරව අධ්‍යක්ෂ තනතුරටද සමුදෙන බවත් සඳහන්ය.