දින කිහිපයක් උත්සාහ කර සමස්ත මිල දර්ශකය පිම්ම පනී

    August, 21, 2014

    කොළඹ කොටස් වෙළඳ පොළේ දිනයේ ගනුදෙනු අවසානයේදී සමස්ත මිල දර්ශකය ඒකක 7000 සීමාව පසුකිරීමට වසර තුනකට පසුව අද සමත් විය.

    මේ අනුව, අද ගනුදෙනු අවසානයේදී සමස්ත මිල දර්ශකය ඒකක 7,004.75 ක්වූ අතර මීට පෙර සමස්ත මිල දර්ශකය දිනයේ ගනුදෙනු අවසානයේදී ඒකක 7000 සීමාව පසුකළේ 2011 අගෝස්තු 18 වනදා ඒකක 7,030.85 ක් බවට පත් වෙමිනි.

    පසුගිය 14 වනදා සමස්ත මිල දර්ශකය ගනුදෙනු අවසාන වීමට පෙර ඒකක 7000 සීමාව පසු කළත් එදින ගනුදෙනු අවසානයේදී එම සීමාව පසුකිරීමට අපොහොසත් විය.

    වඩාත් වැදගත් වන්නේ මිල දර්ශකය දිනයේ ගනුදෙනු අවසානයේදී එකී සීමාව පසු කිරීමයි.