June, 23, 2016
සුරැකුම්පත් හා විනිමය කොමිසමේ හිටපු ප්‍රධානියෙකුත් ඒ අතර
බ්ලූ බයමන්ඩ් ජුවලරි වර්ල්ඩ්වයිඩ් පීඑල්සී හි අභිනව සභාපතිවරයා වූ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසමේ හිටපු සභාපති ආචාර්ය දයානාත් ජයසූරිය මහතා අදාළ තනතුරින් ඉල්ලා අස් වී තිබේ. දින 4 ක් තුළ සමාගමේ සභාපතිධුරයෙන් ඉවත් වූ දෙවැනියා මොහුය.
සමාගමේ හිටපු සභාපතිවරයා වූ චීන ජාතික Xia Liqiang ගේ සභාපතිධූරය පසුගිය ජූනි 20 වනදා සිට අවසන් කරනු ලැබූ අතර ඉන්පසු ආචාර්ය දයානාත් ජයසූරිය මහතා එහි සභාපති හා විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙසින් පත්කරන ලදී.
මේ අතර හිටපු සභාපති Xia Liqiang බ්ලූ ඩයමන්ඩ් ජුවලරි හි නියෝජ්‍ය සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂවරයා වශයෙන් ජූනි 20 වන දින සිට වැඩ භාර ගෙන ඇත.
කෙසේ වෙතත් සමාගම් ලේකම්වරයා වන කේ.එච්.එල්. කෝපරේට් සර්විසස් ලිමිටඩ් සමාගම අද (23) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දන්වා යවා තිබෙන්නේ ආචාර්ය දයානාත් ජයසූරිය මහතා දා සමාගමේ සභාපති හා අධ්‍යක්ෂ ධුරවලින් ඉල්ලා අස්වී ඇති බවයි.
බ්ලූ ඩයමන්ඩ් ජුවලරි වර්ල්ඩ්වයිඩ් සමාගම මේ වන විට දැඩි අර්බුදකාරීත්වයකට මුහුණ පා තිබෙන අතර කොටස් ගනුදෙනුවක් සම්බන්ධයෙන් හිටපු සභාපති Xia Liqiang ට එරෙහිව පරීක්ෂණයක් ද පැවැත්වෙමින් තිබේ. තවද සමාගම විසින් හිමිකම් නිකුතුවක් හරහා සම්පාදනය කර ගන්නා ලද අරමුදල් සම්බන්ධයෙන් ද විනිවිදභාවයකින් තොරව කටයුතු කිරීම ගැන සමාගමේ එම හිටපු සභාපතිවරයාට චෝදනා එල්ල වී ඇත.
පවතින තත්ත්වය තුළ සමාගමේ කොටස් ගනුදෙනු ද පසුගිය මැයි 13 වන දින සිට අත්හිටුවා තිබේ.
Video Story