දින 10ක දී සංචාරකයින් 77,482ක් දිවයිනට, වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 14 ඉක්මවයි

    August, 14, 2025

    අගෝස්තු මාසයේ පළමු දින 10 තුළ දී 77,482ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

    ඔවුන් සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙනවා දෙන්නනේ එම නව සංචාරක පැමිණීම් දත්ත සමග 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 14 සීමාව ඉක්මවා ඇති බවයි.

    ඒ අනුව වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 1,445,770ක් ලෙසයි.

    අගෝස්තු මාසයේ පළමු දින 10 තුළ 8,481ක වැඩිම සංචාරක පැමිණීමක් අගෝස්තු 10 වන දින වාර්තා වී ඇති අතර 13,511ක වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇති රට ලෙස ඉන්දියාව වාර්තා වී ඇත.

    මීට අමතරව එක්සත් රාජධානියෙන් 8,691ක්, ඉතාලියෙන් 6,036 7ක් සහ චීනයෙන් 5,659ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇති බව වාර්තා වෙයි.