දින 7කට පසු කොටස් වෙළෙපොළේ අද පසුබැස්මක්

    November, 13, 2025

    කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සැලකිය යුතු පසුබැස්මක් අද (13) දිනයේ දී දැකගත හැකිවිය. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය අඛණ්ඩ දින 07ක වර්ධනයකින් පසු ඒකක 198.24 ක පහළ යාමක් වාර්තා කළ අතර S&P SL20 දර්ශකය ඒකක 99.45ක පහළ යාමක් වාර්තා කළේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 23,461.46 ක් ලෙසත් S&P SL20 දර්ශක අගය ඒකක 6,458.15 ක් ලෙසත් වාර්තා වී තිබුණි.

    රු. බිලියන 6.42ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා විය.