දින 8ක් එකදිගට කොටස් වෙළෙඳපොළ බසී

    August, 30, 2024

    අඛණ්ඩව 8 වන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාමක් අද (30) දින වාර්තා විය.

    අද දිනය තුළ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 38.91 කින් පහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 11.67 කින් පහළ යන ලදී.

    ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශගය ඒකක 10,869.07 ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 3,058.60 ක් ලෙසත් වාර්තා විය.

    අද දින ගනුදෙනු පිරිවැටුම රු. මිලියන 759.43 කි.

    සියලු කොටස් මිල දර්ශකයට අනුව 2024 මුල් මාස 08 තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ 2.02% ක වර්ධනයක් වාර්තා කරන අතර S&P SL20 දර්ශකයට අනුව එය 0.32% ක පරිහානියක් පෙන්නුම් කරනු ලබයි.