දිවයින පුරා වාහන අලෙවියන් පසු සේවාව තහවුරු කරමින් Evolution Auto සහ Sterling Aftercare අත්වැල් බැඳ ගනියි

    February, 23, 2026

    Evolution Auto (Pvt) Ltd සමාගම Sterling Aftercare ආයතනය සමඟ සුවිශේෂී උපායමාර්ගික හවුල්කාරිත්වයක් ඇති කර ගනියි. මෙමගින් Evolution Auto ආයතනයෙන් වාහන මිල දී  ගත් සහ මිල දී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පාරිභෝගිකයින්ට දිවයින පුරා පිහිටි Sterling සේවා මධ්‍යස්ථාන හරහා සියලුම වාහන මාදිලි සඳහා ඉහළම මට්ටමේ පූර්ණ සේවාවන් ලබා ගැනීමට අවස්ථාව හිමි වේ.

    මෙම සහයෝගීතාවය ඔස්සේ සෑම Evolution Auto පාරිභෝගිකයෙකුටම ඉතා විශ්වාසනීය සහ උසස් තත්ත්වයේ නඩත්තු සේවාවක් (Aftercare) ලබා ගැනීමට හැකි බව සහතික කරයි. නුගේගොඩ, කඩවත, රත්මලාන, ගාල්ල සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවල ඉතා පහසුවෙන් ළඟා විය හැකි පරිදි පිහිටි සේවා මධ්‍යස්ථාන මගින් මෙම පහසුකම් සලසා දී ඇත.

    පහසුවෙන් ලබා ගත හැකි සහ සහතික කරන ලද වාහන නඩත්තු සේවාවන් සඳහා පවතින ඉහළ ඉල්ලුම සපුරාලීම වෙනුවෙන්, Sterling Aftercare ආයතනය සිය විශ්වාසනීය පළපුරුද්ද සහ දිවයින පුරා විහිදුණු සේවා ජාලය උපයෝගී කර ගනියි. මෙහිදී වාහන අනතුරු සම්බන්ධ අලුත්වැඩියාවන් (Collision repair), වාහන ඔප දැමීම (Auto detailing), ජංගම සේවා සහාය (Mobile support) මෙන්ම සාමාන්‍ය වාහන අලුත්වැඩියාව සහ සේවා කටයුතු ඇතුළු පුළුල් පරාසයක සේවාවන් රැසක් ලබා දෙයි.

    මෙම සහයෝගීතාව පිළිබඳව අදහස් දක්වමින් Evolution Auto (Pvt) Ltdහි ප්‍රධාන විධායක නිලධාරී විරාන් ද සොයිසා මහතා පැවසූවේ, "අප ගන්නා සෑම පියවරකදීම අපගේ පාරිභෝගිකයාට මුල් තැන ලබා දෙනවා. Sterling Aftercare සමඟ ඇති කර ගත් මෙම සහයෝගීතාව නිසා දැන් Evolution Auto වාහන හිමියන්ට දිවයින පුරා ඕනෑම තැනක දී ඉහළම මට්ටමේ සේවා සහ අලුත්වැඩියාවන් ලබා ගත හැකි බවට විශ්වාසයක් ඇති වෙනවා. අපගේ ඉලක්කය වන්නේ පාරිභෝගිකයා අප සමඟ සම්බන්ධ වන සෑම අවස්ථාවකදීම ඔවුන්ගේ විශ්වාසය සහ පහසුව තහවුරු කිරීමයි."

    Sterling Aftercare Guarantee හි විධායක අධ්‍යක්ෂ රවි පෙරේරා මහතා, "Sterling නාමය සැමවිටම බැඳී පවතින්නේ විශ්වාසනීයත්වය සහ ගුණාත්මකභාවය සමඟයි. අපගේ විශ්වාසනීය පසුවිපරම් සේවා සහතිකය (Aftercare Guarantee) සමඟින්, Evolution Auto වාහන හිමියන්ට කිසිදු බාධාවකින් තොරව විශිෂ්ට සේවා අත්දැකීමක් ලබා දීමට ඔවුන් සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම ගැන අපි ඉතාමත් සතුටු වෙනවා. අපගේ සේවා මධ්‍යස්ථාන සැලසුම් කර ඇත්තේ පාරිභෝගිකයාට රිය පැදවීමේ දී පූර්ණ විශ්වාසයක් ඇති වන පරිදියි. ඒ සඳහා වාහන පරීක්ෂාවන්ගේ සිට මාර්ගස්ථ හදිසි සහාය (Roadside assistance) දක්වා සියලුම පහසුකම් අප ලබා දෙනවා." යනුවෙන් සිය අදහස් දැක්වීය.

    පාරිභෝගිකයාට මුල් තැන දීමේ මෙම හවුල්කාරිත්වයේ ප්‍රවේශය Sterling Aftercare Guarantee සහතිකය මගින් තවදුරටත් ශක්තිමත් කෙරෙයි. එමගින් ඉතා උසස් තත්ත්වයේ මැනවින් පරීක්ෂා කරන ලද වාහන සහ සුවිශේෂී පසුවිපරම් සේවා (After-sales support) සහතික කරනු ලබයි.

    Evolution Auto වාහන සහ පසුවිපරම් සේවා පිළිබඳ වැඩිදුර විස්තර සඳහා www.evolutionauto.lk වෙබ් අඩවියට පිවිසෙන්න නැතහොත් 0777 553 355 අංකය අමතන්න.