November, 23, 2016
2016 පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම දස්කම් දැක්වූ සිසු දරුවන්ට ‘අරුණළු’ ප‍්‍රතිලාභ බෙදාදීම ආරම්භ කරමින් මෙරට විශාලතම පුද්ගලික වාණිජ බැංකුව දීප්තිමත් සිසු දරුවන් 12 දෙනෙකු වෙත රුපියල් 750,000 ක් පමණ වටිනා ශිෂ්‍යත්ව සහ මුදල් ප‍්‍රතිලාභ බෙදාදෙන ලදී.
සිසු දරුවන් උද්යෝගිමත් කරමින් ඔවුන්ගේ බලාපොරොත්තු ඉටුකර ගැනීමට සහාය දීමේ සැලසුම ඇතිව නිර්මාණය කර තිබෙන කොමර්ෂල් බැංකුවේ ප‍්‍රමුඛතම ළමා ඉතිරි කිරීමේ ගිණුම වන ‘අරුණළු’ විසින් පවත්වන මෙම ප‍්‍රතිලාභ ලබාදීමේ වැඩසටහන මගින් මේ වසරේදී රුපියල් මිලියන 05 කට ආසන්න ප‍්‍රතිලාභ බෙදා හැරීමට බලාපොරොත්තු වේ.
මේ වසරේ මුලින්ම ‘අරුණළු’ ශිෂ්‍යත්ව හිමිවූ සිසු දරුවන් අතරට පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනෙන්ම දෙවැනියා වූ සිසුවා සහ දිවයිනෙන්ම තුන්වැනි ස්ථානය දිනාගත් සිසු දරුවන් සිව්දෙනෙකු ඇතුළත් වේ. මෙම සිසුදරුවන් පස් දෙනාම ‘අරුණළු’ ගිණුම් හිමියන් වූ අතර ඔවුන්ට අවුරුදු 18 සම්පූර්ණ වනතුරු මාසිකව රුපියල් 1500 සහ රුපියල් 1000 බැගින් හිමිවනු ඇත. මේ අනුව, ඔවුන් වෙනුවෙන් බැංකුව ලබාදෙන ප‍්‍රතිලාභවල සමස්ත වටිනාකම රුපියල් 467,500 ක් වේ.
මීට අමතරව, 2016 පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනෙන්ම ප‍්‍රථම ස්ථානය දිනාගත් සිසු දරුවාට ‘අරුණළු’ වෙතින් රුපියල් 100,000 ක මුදල් ත්‍යාගයක් එක්වරම ලබාදුන් අතර ‘අරුණළු’ ගිණුම් නොමැති දිවයිනෙන් දෙවන සහ තුන්වන ස්ථාන දිනාගත් අනිකුත් සිසු දරුවන් හය දෙනා සඳහා පිළිවෙළින් එක් අයෙකුට රුපියල් 50,000 ක් සහ 25,000 ක් බැගින් මුදල් ත්‍යාග ලබාදෙන ලදී.
මේ අතර, මෙම අවස්ථාවේ ඉතාමත් සුවිශේෂී කාරණාවක් වූයේ බ්‍රේල් ක‍්‍රමය යටතේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට ලකුණු 181 ක් ලබාගත් මහනුවර ප‍්‍රදේශයේ සිසු දරුවෙකුට කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ, ජෙගන් දුරෙයිරත්නම් මහතා විසින් විශේෂයෙන්ම සැලසුම් කළ මෘදුකාංග සහිත ලැප්ටොප් පරිගණකයක් පරිත්‍යාග කිරීමයි.
තවත් බොහෝ ‘අරුණළු’ ප‍්‍රතිලාභ ජයග‍්‍රාහකයින්ට එම ප‍්‍රතිලාභ ඉදිරියේදී ශාඛා මට්ටමින් බෙදාදෙන බව බැංකුව සඳහන් කරයි.
1991 වසරේදී ආරම්භ කළ ‘අරුණළු’ ළමා ඉතිරි කිරීමේ ගිණුම පාසැල් යන වයසේ ළමුන් වෙනුවෙන් කොමර්ෂල් බැංකුව විසින් ක‍්‍රියාත්මක කරන ප‍්‍රධානතම ඉතිරි කිරීමේ ගිණුමයි. මේ යටතේ මුදල් ත්‍යාග පිරිනැමීමේ වැඩසටහන 1998 දී ආරම්භ කළ අතර මේ වනවිට පහ වසර ශිෂ්‍යත්ව විභාගයේදී දස්කම් දක්වන සිසුන් වෙනුවෙන් මෙරට වැඩිම මුදල් ත්‍යාග පිරිනමන වැඩසටහන වන්නේ මෙයයි.
මේ යටතේ, ශිෂ්‍යත්ව විභාගයේදී දිවයිනේ, දිස්ත‍්‍රික්ක මට්ටමින් හෝ පාසැල් මට්ටමින් පළමු, දෙවන සහ තෙවන ස්ථානය ලබාගන්නා සිසුන්ට අධ්‍යාපන කටයුතු වලට සහයෝගයක් ලෙස ශිෂ්‍යත්ව ප‍්‍රදානය කරයි. සිසු දරුවන් වඩාත් උනන්දු කිරීම, හොඳ අධ්‍යාපනයක තිබෙන වැදගත්කම අවධාරණය කිරීම යන අරමුණු සහිතව ක‍්‍රියාත්මක වන කොමර්ෂල් බැංකුවේ ‘අරුණළු’ ඉතිරි කිරීමේ ගිණුම මගින් ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනෙන් වැඩිම ලකුණු ලබාගන්නා සිසු දරුවන් තිදෙනා සඳහා ඔවුන්ට ‘අරුණළු’ ගිණුමක් තිබේ නම් රුපියල් 282,500 ක් දක්වා ප‍්‍රතිලාභ ලබාදෙනු ඇත.
මේ පදනම යටතේ, දිවයිනෙන් පළමු ස්ථානය ලබාගන්නා සිසුවාට හෝ සිසුන්ට බැංකුව විසින් එක් අයෙකුට රුපියල් 170,000 ක මුදල් ත්‍යාගයක් පිරිනමන අතර එම සිසුවාට අවුරුදු 18 සම්පූර්ණ වනතෙක් මාසයකට රුපියල් 2000 ක් බැගින් මෙම මුදල ලබාදීමට සැලසුම්කර තිබේ. මේ ආකාරයෙන්ම දිවයිනෙන් දෙවන ස්ථානය ලබාගන්නා සිසුන්ට එක් අයෙකුට රුපියල් 127,500 ක් බැංකුව විසින් පිරිනමන අතර මාසයකට රුපියල් 1500 ක් බැගින් අවුරුදු 18 සපිරෙන තෙක් මෙම මුදල් ලබාදෙනු ඇත. මීට අමතරව, දිවයිනෙන් තුන්වන ස්ථානය ලබාගන්නා සිසුන්ට එක් අයෙකුට රුපියල් 85,000 ක් ලබාදෙන අතර එක් මාසයකදී ලබාදෙන මුදල රුපියල් 1000 කි.
මීට අමතරව, දිස්ත‍්‍රික්කයෙන් පළමු ස්ථානය දිනාගන්නා ‘අරුණළු’ ගිණුම් හිමි දරුවන්ට රුපියල් 50,000 ක් දක්වා මුදල් ත්‍යාගයක් බැංකුව විසින් ලබාදෙන අතර පාසලෙන් පළමු, දෙවන සහ තුන්වන ස්ථාන දිනාගන්නා ‘අරුණළු’ ගිණුම් හිමි දරුවන්ට රුපියල් 10,000 ක් රුපියල් 7,500 ක් සහ රුපියල් 5,000 ක් ත්‍යාග ලෙස පිළිවෙලින් හිමිවනු ඇත.
2013 වසරේදී කොමර්ෂල් බැංකුවේ ‘අරුණළු’ ළමා ඉතිරි කිරීමේ ගිණුම මගින් පහ වසර ශිෂ්‍යත්ව විභාගයේදී තම පාසැල්වල පළමු, දෙවන සහ තුන්වන ස්ථාන දිනාගත් සිසු දරුවන් වෙනුවෙන් රුපියල් මිලියන 04 ක මුදල් ත්‍යාග ප‍්‍රදානය කළ අතර 2014 වසරේදී ලබාදුන් ප‍්‍රතිලාභවල වටිනාකම රුපියල් මිලියන 5.3 ක් දක්වාත් 2015 වසරේදී රුපියල් මිලියන 5.5 ක් දක්වාත් වර්ධනය වී ඇත.
දිවයිනේ පිහිටි ඕනෑම කොමර්ෂල් බැංකු ශාඛාවකදී අවුරුදු 18 ට අඩු දරුවන් වෙනුවෙන් ‘අරුණළු’ ළමා ඉතිරිකිරීමේ ගිණුමක් විවෘත කළහැකිය.
කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම හය වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මෙරට තුළ බැංකු ශාඛා 251 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 650 ක් ඇත. ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව, හොඳම වෙළඳ බැංකුව, ශක්තිමත්ම බැංකුව සහ වඩාත්ම ගෞරවණීය බැංකුව ලෙස වසර ගණනාවක් දෙස් විදෙස් ආයතන සහ ප‍්‍රකාශන විසින් කොමර්ෂල් බැංකුවට සම්මාන රැුසක් ප‍්‍රදානය කර තිබේ. ලංකා වාණීජ මණ්ඩලය විසින් තෝරාපත් කරගත් ශී‍්‍ර ලංකාවේ හොදම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට වසර ගණනාවක් එක්වීමටද බැංකුවට හැකිවිය.
කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 18 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් පවත්වාගෙන යයි. කොමර්ෂල් බැංකුව විසින් 2016 වසරේ සැප්තැම්බර් මාසයේදී මාලදිවයින තුළ පළමු පෙළ බැංකුවක් ආරම්භ කරන ලදී. මේ අතර, සම්පූර්ණ හිමිකාරීත්වය සහිත මුදල් හුවමාරු මෙහෙයුම් කටයුතු ඉතාලියේ සිදුකිරීමට බැංකුවට පසුගියදා බලපත‍්‍රයක් හිමිවිය.
ඡායාරූප - කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ, ජෙගන් දුරෙයිරත්නම් මහතා දෘෂ්‍යාබාධිත පහ වසර ශිෂ්‍යත්ව ජයග‍්‍රාහයෙකුට ලැප්ටොප් පරිගණකයක් ප‍්‍රදානය කරමින්.
Video Story