දීවා ‘ඉඩමේ වාසනාව’ හයවෙනි අදියර යාපනය නල්ලූර්හිදී සාර්ථකව පැවැත්වෙයි

    September, 6, 2016

    හේමාස් මැනුෆැක්චරින් සමාගමේ ජනපි‍්‍රය සන්නාමයක් වන ‘දීවා’ වෙතින් වාර්ෂිකව සංවිධානය කරන ඉඩමේ වාසනාව වැඩසටහනේ හයවැනි අදියර පසුගියදා යාපනය නල්ලූර්හිදී ආරම්භ විය. හින්දු බැතිමතුන් රැස්වෙන නල්ලූර් කෝවිල අසලදී දීවා ඉඩමේ වාසනාව වැඩසටහනේ ආරම්භය සටහන් වූයේ ඉහළ පාරිභෝගික කි‍්‍රයාකාරීත්වයක් ද සමගය.

    ඉකුත් වසර පහක කාලය තුළ ශී‍්‍ර ලාංකිකයන් බොහෝ දෙනෙකුගේ ජීවිත වෙනස් කිරීමට සමත්ව ඇති මෙම වැඩසටහන දියත් වන තුරු ළබැඳි පාරිභෝගිකයෝ වසරක් පාසා බලාසිටිති. ඉකුත් කාලයේදී දීවාහි මෙම වාර්ෂික මෙගා ප‍්‍රවර්ධන වැඩසටහනේ ආරම්භය දිවයිනේ විවිධ පළාත්වල සංවිධානය කෙරිණ.

    ප‍්‍රවර්ධන වැඩසටහන දියත් කළ දින දෙකක කාලය තුළ එහි පැමිණි දහස් ගණන් නල්ලූර් වන්දනාකරුවන්ට දීවා නිෂ්පාදන තිළිණ කෙරිණ. ඉදිරියේදී රටේ බොහෝ පළාත් ආවරණය වන පරිදි මෙවැනි දීවා ප‍්‍රවර්ධන වැඩසටහන් පැවැත්වීමට නියමිතය.

    ”අපි හැමතිස්සෙම උත්සාහ ගන්නේ සබඳකම් ඇතිකරගනිමින් පාරිභෝගික සේවා අත්දැකීමක් ලබාදෙන්නයි. ඉඩමේ වාසනාව වැඩසටහන හරහා පසුගිය අවුරුදු කිහිපය පුරාවටම ඉඩම් ජයග‍්‍රාහකයන් රැසක් බිහිකරමින් ඔවුන්ගේ ජීවිත හැඩ කරන්න අපට පුළුවන් වුණා. අවුරුදු පතා මේ වැඩසටහනට අපිට පාරිභෝගිකයන්ගෙන් ලැබෙන ඉහළ ප‍්‍රතිචාර මේ සුවිශේෂී වැඩසටහනේ සාර්ථකත්වයට හොඳ සහතිකයක්. එමගින් අපේ හිතවත් පාරිභෝගිකයන් සමග සැබෑ ප‍්‍රතිලාභ සහිත සම්බන්ධතාවයක් ගොඩනඟා ගන්න හැකිවෙලා තියෙනවා” යැයි හේමාස් මැනුෆැක්චරින් සමාගමේ සන්නාම කළමනාකාර ශානක ප‍්‍රනාන්දු මහතා පැවසීය.

    මෙම වැඩසටහනට සහභාගී වීමට කැමැති අය හිස් දීවා දවටන තුනක් හෝ දීවා කිලෝ ග‍්‍රෑමයේ රෙදි සෝදන කුඩු හිස් දවටනයක් තැ.පෙ. 1289 කොළඹ යන ලිපිනයට ලැබෙන්නට සැලැස්විය යුතුය.

    මේ වසරේදී ද කොළඹට නුුදුරින් වටිනා ඉඩම් තුනක් පිරිනැමෙන අතර අගෝස්තු සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ මාසිකව එක් ඉඩම් ජයග‍්‍රාහකයෙකු බැගින් බිහිකෙරේ. ඊට අමතරව සතිපතා රන් කාසි සහ දිනපතා මුදල් තෑගි දිනාගැනීමේ අවස්ථාව ද පාරිභෝගිකයන්ට හිමිවේ.

    මේ දක්වා කාලය තුළ වාසනාවන්ත ජයග‍්‍රාහකයින් 19 දෙනෙකු අතරේ ඉඩම් 19ක් බෙදා දී ඇති අතර 500කට වැඩි රන් කාසි, මුදල් තෑගි හා යතුරු පැදි වැනි තෑගි ද පසුගිය වසර කිහිපය තුළ පිරිනමා තිබේ.

    දීවා සතුව රෙදි සෝදන කුඩු වර්ග කිහිපයක්ම පවතී. නවතම වැඩිදියුණු කරන ලද දෙහි සුව`ද සහිත Diva Regular සහ සේපාලිකා, රෝස, සමන්පිච්ච යන Diva Flowers වශයෙන් ඒවා ලබාගත හැක.

    තව ද දෙහි, ලෙමන් හා සමන්පිච්ච සුවඳින් යුත් වැඩි දියුණු කළ නව ඩිටර්ජන් සබන් වර්ග කිහිපයක් ද දීවා සන්නාමය යටතේ වෙළෙඳපොළට නිකුත් කර තිබේ.