May, 22, 2018
ලංකා දුම්කොළ සමාගම 2018 මාර්තු 31 න් අවසන් මූල්‍ය කාර්තුව තුළ දී රුපියල් බිලියන 35.57 ක ආදායමක් වාර්තා කර තිබේ. මෙය පසුගිය මූල්‍ය වර්ෂයේ මුල් කාර්තුවට වඩා 15% ක වර්ධනයකි.
සමාගම විසින් 2018 මුල් මාස 03 තුළ දී රුපියල් බිලියන 27.54 ක් දුම්කොළ බදු ලෙසින් ද, රුපියල් බිලියන 2.49 ක් ආදායම් බදු ලෙසින් ද ගෙවා තිබේ. මේ අනුව 2018 පළමු කාර්තුව තුළ දී සමාගම විසින් රජය වෙත ගෙවා ඇති සම්පූර්ණ බදු මුදල රුපියල් බිලියන 30 ඉක්මවා ඇත. 2017 මුල් කාර්තුවට වඩා මෙය 23.61% ක වැඩිවීමකි.
මේ අතර සමාගම ආදායම් බදු ගෙවීමෙන් පසු රුපියල් බිලියන 3.7 ක ලාභයක් වාර්තා කර තිබේ. මෙය 2017 මුල් කාර්තුවට වඩා රුපියල් මිලියන 540 ක වර්ධනයකි.
සමාගමේ කොටසක ඉපැයුම රු.19.95 ක් ලෙසින් වාර්තා වන අතර එය පසුගිය මූල්‍ය කාර්තුවට වඩා 16.87% ක වර්ධනයකි.
සමාගම විසින් ලබා ඇති මෙම කාර්යසාධනයක් සමඟම සිය කොටස් හිමියන් වෙත, කොටසකට රු. 18.00 බැගින් වන පරිදි අතුරු ලාභාංශයක් ගෙවීමට ලංකා දුම්කොළ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ. මෙම අතුරු ලාභාංශය 2018 ජූනි 05 දින ගෙවීමට නියමිතය.