May, 11, 2016
ලංකා දුම්කොළ සමාගමේ 2016 මුල් කාර්තුව සඳහා වන මූල්‍ය වාර්තා නොබෝදා එළිදක්වන ලදී. මෙහි ඇති විශේෂත්වය නම් 2016 මුල් මාස 03 තුළ දී රුපියල් බිලියන 25.6 ක් බදු වශයෙන් රජයට ගෙවා තිබීමයි. මෙය පූර්ව වර්ෂයේ අදාළ කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී 20% ක ඉහළ බදු ගෙවීමකි.
සමාගමේ සමස්ත බදු ගෙවීමෙන් පසු ලාභය 2016 මුල් කාර්තුවේ දී රුපියල් මිලියන 2,490 සිට 3,056 දක්වා 22.7% කින් වර්ධනය වී තිබේ. මේ අතර අදාළ කාලපරිච්ඡේදය තුළ වාර්තා වී තිබෙන සමාගමේ ආදායම රුපියල් මිලියන 29,572 කි. මෙය පෙර වසරේ මුල් කාර්තුවේ ආදායම වූ රුපියල් මිලියන 25,916 හා සැසඳීමේ දී රුපියල් මිලියන 3,656 ක හෙවත් 14% ක වැඩි වීමකි.
මෙහි ඇති විශේෂත්වය වනුයේ 2015 ඔක්තෝබර් මාසයේ දී රජය විසින් සිගරට් මිල ගණන් යළිත් වරක් ඉහළ දැමීමට ගත් තීරණයෙන් පසුවත් සමාගමේ ලාභදායීත්වයට ඉන් බලපෑමක් සිදුව නොතිබීමයි.
මේ අතර කොටසකට රු. 15.60 බැගින් වන පරිදි 2016 පළමු කාර්තුව සඳහා අතුරු ලාභාංශයක් ද සමාගම නිවේදනය කර තිබේ.
Video Story