August, 23, 2017
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් සිදු කරනු ලබන පාර්සල් ප්‍රවාහනයේදී අය කරනු ලබන ගාස්තු, පසුගිය වසර 09ක පමණ කාලය තුළ සංශෝධනයකට ලක්ව නොමැති අතර, එම ගාස්තු, වෙනත් පාර්ශ්ව විසින් පාර්සල් ප්‍රවාහනය කිරීමේදී අය කරනු ලබන ගාස්තු හා සැසඳීමේදී ඉතා පහළ අගයක් ගන්නා බව රජය පවසයි.
එබැවින් සාමාන්‍ය ජනතාවට අමතර වැය බරක් නොවන පරිදි, වාණිජ නොවන හා පරිභෝජන අවශ්‍යතා මත ප්‍රවාහනය කරන පාර්සල් හැර අනෙකුත් පාර්සල් ප්‍රවාහනය සඳහා දැනට අය කරනු ලබන ගාස්තු 50%කින් ඉහළ නැංවීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.