March, 7, 2025
ශ්‍රී ලංකා දුම්රිය සේවයට මෙන්ම ලංගමෙහි බස්රථ රියදුරු, දුම්රිය එන්ජින් රියදුරු වැනි කාන්තාවන් සේවයෙහි නොයෙදෙන සියළු ක්ෂේත්‍ර සඳහා කාන්තාවන් බඳවා ගැනීමට ඉදිරියේ දී කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පැවසීය.
ඔහු මේ බව පවසා සිටියේ අද (07) පාර්මේන්තුවේදී යි.
අමාත්‍යවරයා එහි දී වැඩි දුරටත් පවසා සිටියේ හෙටට යෙදන ජාත්‍යන්තර කාන්තා දියන වෙනුවෙන් මෙම තීන්දුව ගත් බවයි.
"දුම්රිය සේවයේ ගොඩක් අපි දන්නවා ඒවයේ කිසිම කාන්තාවක් වැඩ කරන්නේ නැති ක්ෂේත්‍ර තියනවා. බස් වලත් එහෙමයි. ලංගමෙත් එහෙමයි. අපි හෙටට යෙදෙන කාන්තා දිනය නිමිත්තෙන් අමාත්‍යාංශය අපි ඇමතිවරු තුන්දෙනාම තීන්දු කරලා තියනවා අපේ ලංගම ඒ වගේම මේ දුම්රිය සේවය මේ හැම එකටම කාන්තාවන් බඳව ගැනීමට අවශ්‍ය කරන ප්‍රතිපත්තිමය තීන්දු අපි දැන් අරන් තියවා. අපි බලාපොරොත්තු වෙනවා ඉස්සරහට ඉතාමත් කාර්යක්ෂමව වැඩ කරන බස්රථ රියදුරුවරියන්, දුම්රිය පයිලට්ලා, ගාර්ඩ්ස්ලා, ඒ වගේ අය අපිට තව අවුරුද්දක් යනකොට දකින්න හම්බවෙයි කියලා. සිහිනයක් තියනවා school bus service එක වැඩිපුර කාන්තාවන්ට බාර දෙන්න. අපි එහෙම සිහින එක්ක තමයි ජීත් වෙන්නේ."
Video Story