February, 29, 2016
වාහන දුම් පරීක්ෂා කිරීමේ කාර්යය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ හරහා සිදු කිරීමට අවධානය යොමුව ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පසුගිය දා පාර්ලිමේන්තුවේ දී මතුකළ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමිනි.
මෙම කටයුත්ත පෞද්ගලික අංශයට පැවරීමෙන් රජයට ලබා ගත හැකිව තිබූ රුපියල් බිලියන 510 ක පමණ ආදායමක් අහිමි වී ගොස් ඇති බව අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් පවසන ලදී.
මෙහිදී ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසුවේ මෙම කරුණ සම්බන්ධයෙන් ටෙන්ඩර් කමිටුවක් පත් කරන බවත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ වෙත දුම් පරීක්ෂා කිරීමේ කටයුත්ත පැවරිය හැකිද යන්න පිළිබඳව සොයා බලන බවත්ය.
Video Story