දුලාන් ද සිල්වා එක්සත් ජාතීන්ගේ මිත‍්‍රත්ව සංවිධානයේ සම්මානයට පාත‍්‍ර වෙයි

    May, 30, 2016

    ශී‍්‍ර ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත‍්‍රයේ පුරෝගාමියෙකු හා මෙරට දිළිඳුකම පිටුදැකීමේ ප‍්‍රමුඛතම කි‍්‍රයාකාරීයෙකු වන දුලාන් ද සිල්වා මහතාට එක්සත් ජාතීන්ගේ මිත‍්‍රත්ව සංවිධානය විසින් පසුගියදා සම්මානයක් පිදීය. එම සම්මාන ප‍්‍රදානය සිදුවූයේ ගරු කතානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩානායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති එක්සත් ජාතීන්ගේ මිත‍්‍රත්ව සංවිධානය විසින් සංවිධානය කළ උත්සවයකදීය.

    ශී‍්‍ර ලංකාවේ දිළිඳුකම පිටුදැකීමට අරමුදල් රැස්කිරීමේ Give2Lanka සංවිධානයේ විධායක සභාපතිවරයාවන දුලාන් ද සිල්වා මහතා බෙරෙන්ඩිනා සමාජ සේවා ආයතනයේ හිටපු විධායක සභාපතිවරයා හා CEO SEEDS හි ආදීකතුවරයා ද වේ. ඔහු විසින් මෙරට තුළ සිදු කළ සේවාව සැළකිල්ලට ගනිමින් එක්සත් ජාතීන්ගේ මිත‍්‍රත්ව සංවිධානය විසින් මෙම සම්මානය පිදූ අතර 1986 දී ඇරඹූ කදිම කි‍්‍රයාකාරීත්වයකින් යුත් ශී‍්‍ර ලංකාවේ පළමු ක්ෂුද්‍ර මූල්‍ය සේවා ආයතනයවන SEEDS හා 1990දී ඇරඹූණු මෙරට විශාලතම රාජ්‍ය නොවන සංවිධානය බිහිවූයේ ඔහුගේ ප‍්‍රමුඛත්වයෙනි. වර්තමානයේ ශී‍්‍ර ලංකාවේ විශාලතම රාජ්‍ය නොවන සංවිධානය හා ක්ෂුද්‍ර මූල්‍ය ආයතනය වන බෙරෙන්ඩිනා හි වසර 23ක් පුරා ප‍්‍රධානියා ලෙසින් කටයුතු කරන්නේද දුලාන් ද සිල්වා මහතාය. එයට අමතරව ලෝක බැංකුව" ආසියානු සංවර්ධන බැංකුව" එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන" නිව්යෝර්ක්" IFAD, FAO, DFID හා UNOPS වැනි ලොවෙහි රටවල් 15ක නියෝජිතායතන 100 වැඩි ප‍්‍රමාණයක උපදේශකයෙකු ලෙසින් කටයුතු කරන දුලාන් ද සිල්වා මහතා පාකිස්ථානයේ IUCN හි වැඩසටහන් අධ්‍යක්ෂවරයා හා එහි කාම්බෝජයේ වැඩසටහන් ප‍්‍රධානී ලෙසින් ද කටයුතු කෙරේ. තවද ශී‍්‍ර ලංකාවේ ඕලන්ද තානාපති කාර්යාලය" CIDA, IFAD හා UNOPS සඳහා උපදේශක සේවා සපයන්නෙකුවන ඔහු සැලසුම් කි‍්‍රයාත්මකකිරීමේ අමාත්‍යංශය" වන රක්ෂණ දෙපාර්තමේන්තුව" වනජීවි දෙපාර්තමේන්තුව හා කම්කරු හා සමාද්ධි අමත්‍යංශය සමග එක්ව රජයේ ග‍්‍රාමීය හා ප‍්‍රජා සංවර්ධන වැඩසටහන් සවිමත්කිරීමෙහිලා දායකත්වය සපයන්නෙකි.

    එක්සත් ජාතීන්ගේ මිත‍්‍රත්ව සංවිධානය විසින් දුලාන් ද සිල්වා මහතා වෙත පිරිනැමූ සම්මානයෙහි විශේෂත්වය වන්නේ තම සිහිනය වූ මෙරට දිළිඳුකම මුළිනුපුටා දැමීම වෙනුවෙන් පෞද්ගලිකව දැඩි කැපවීමක් සිදු කළ පුද්ගලයෙකු වීමය. ෆ්ලොරිඩා රාජ්‍ය සරසවියෙන් MBA උපාධිය ලැබ 1986දී යළි ශී‍්‍ර ලංකාවට පැමිණි අවස්ථාවේදී බහුජාතික බැංකුවකින් පිරි නැමූ ඉහළ වැටුප් සහිත රැකියාව පිළිගැනීම වෙනුවට ඔහු මුලින්ම සර්වෝදයට සම්බන්ධ විය. දෙවනුව, ඔහු තවෙකෙකු සමග බෙරෙන්ඩිනා හි අධ්‍යක්ෂවරුන් දෙදෙනා බවට පත්වූයේ ජාතික සංවර්ධන බැංකුව" කොමර්ෂල් බැංකුව හා ශී‍්‍ර ලංකා ඉතිරිකිරීමේ බැංකුව වැනි වාණිජ බැංකුවලින් ණය ලබාගැනීමට ඔවුන් තම නිවෙස් ඇපයට තැබීමෙනි. එහි ප‍්‍රතිපලය ලෙසින් ඇරඹු අරමුලකින් මෙරට පවුල් 40,000කට මුදල් ආධාර කිරීමේ හැකියාව බෙරෙන්ඩිනා සංවර්ධන සේවා ආයතනයට හැකියාව ලැබුණි. අවසානයේ ඔහු බෙරන්ඩිනා සමූහයේ සභාපතිවරයා බවට පත් විය.