April, 8, 2025
දේශීය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරිම සදහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අලුතින්ම නිර්මාණය කරන ලද කැලිප්සෝ දුම්රිය අද (08) උදෑසන 8.10 ට නානුඔය දුම්රිය ස්ථානයේ සිට දෙමෝදර දුම්රිය ස්ථානය දක්වා ගමන් ආරම්භ කරනු ලැබුවේය.
නානුඔය සිට දෙමෝදර දක්වා එම දුම්රිය සෑම අගහරුවාදා දිනකම ගමන් ආරම්භ කිරීමට නියමිතව ඇත.
එම දුම්රියෙන් ගමන් කරනා දෙස් විදෙස් සංචාරකයන්ට දුම්රිය මාර්ගයට දිස්වෙන සුන්දර දියඇලි ඇතුලු ආකර්ෂණිය ස්ථාන දැකබලා ගෙන ඡායාරූප ගැනීමට පහසුවන පිරිදි එම දුම්රිය මැදිරි සකස්කර ඇති අතර, එක් මැදිරියක් වහළක් නොමැතිව විවෘතව පවති.
තව ද එය විශේෂ භොජනාගාරයකින් සමන්විතවන අතර නානුඔය සිට දෙමෝදර දක්වා ගමන් ගන්නා එක් සංචාරකයෙකුගෙන් අය කරනු ලබන මුදල රු.10000 /= කි.
දෙමෝදර දක්වා ධාවනය වන එම දුම්රිය යලිත් බණ්ඩාරවෙල දක්වා ධාවනය කර පසුව දෙමෝදර සිට බදුල්ල දක්වා ධාවනය කරන බවත්, මෙවැනිම තවත් කැලිප්සෝ දුම්රියක් ධාවනයට එක් කිරිමට සැලසුම්කර ඇති බවත් එම දුම්රිය ගමනට එක් වූ අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි ජී.එස්. පොල්වත්ත මහතා පවසා සිටියේය.
Video Story