July, 22, 2025
වැඩසටහන හා සම්බන්ධ වීමට කැමත්තක් දක්වන්නන් පශු වෛද්‍ය කාර්යාල මගින් අයදුම්පත්‍ර පුරවා සාමාජිකත්වය ලබා ගන්න - කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාර්මාර්ග අමාත්‍යාංශය
රටට කිරි සපයන ගොවියන් නගා සිටුවීම සහ නව කිරි ගොවිපලවල් ඇති කිරීම්, දේශීය කිරි කර්මාන්තය වැඩි දියුණු කිරීමේ “කිරි ඉතිරෙන රටක්” DAIRY HUB ජාතික වැඩසටහන පසුගිය දා (20) අනුරාධපුර, තඹුත්තේගම, නිරාවිය ගොවිපළෙහිදී දී ආරම්භ විය.
ඒ් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත සහ ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ යන අයගේ ප්‍රධානත්වයෙන්.
රටේ කිරි අවශ්‍යතාවයෙන් දැනට දේශීයව නිපදවන්නේ 40% ක ප්‍රමාණයක් පමණි. එය 80% දක්වා වර්ධනය කර ගැනීම මෙම වැඩසටහනේ අරමුණයි.
ඒ වෙනුවෙන් ගොවියන්ගේ කිරි නිෂ්පාදනය වැඩි දියුණු කරමින් ඔවුන්ගේ යටිතල පහසුකම් සහ කිරි ගවයන් ලබා දීම සහ වැඩි කිරි ප්‍රමාණයක් ලබා ගැනීමට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දීම මෙහි අරමුණයි.
කිරි ඉතිරෙන රටක් DAIRY HUB ව්‍යාපෘතිය රටේ සියලු ප්‍රදේශයන්වල පශු වෛද්‍ය කාර්යාල මගින් සිදු කරනු ලබන අතර තාක්ෂණික සේවා සැපයීම, රජය ගන්නා ක්‍රියාමාර්ග වේ.
මෙයට සම්බන්ධ වීමට කැමති ගොවියන් පශු වෛද්‍ය කාර්යාල මගින් අයදුම් පත්‍රයක් පුරවා සාමාජිකත්වය ලබා ගැනීමෙන් මෙයට සම්බන්ධ විය හැක.
මෙහි ආරම්භක අවස්ථාව සනිටුහන් කරමින් සාමාජිකත්වය ලබා ගත් ගොවියන් කිහිප දෙනෙකු සදහා ගොවිපළවල් ඉදි කර ගැනීම සඳහා චෙක්පත් සහ තාක්ෂණික උපකරණ ලබා දීමක් ද මෙහිදී සිදු කෙරිණි.
Video Story