දේශීය බැංකු සතු ISB වලට මොකද වෙන්නේ?

    July, 5, 2024

    මේ වන විට ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් විසින් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා එකඟතාවයකට පැමිණ ඇති පසුබිමක, මෙරට බැංකු සතුව ඇති ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISBs) සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ගය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කෙරෙමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

    මේ අතර දේශීය බැංකු සතු ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය, රුපියල් ණයවලට පරිවර්තනය වීමක් සිදුකරන්නේදැයි යනුවෙන් අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් මහ බැංකුව අධිපතිවරයා සඳහන් මේ අවස්ථාවේ දී ඒ සම්බන්ධ කිසිදු අදහස් ප්‍රකාශ කිරීමක සිදුකළ නොහැකි බවයි.

    අද (05) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක දී මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේය.