August, 31, 2020
ඉහළම TFM අගයකින් යුතුව, කෘත්‍රිම පිරිසිදුකාරක ඇතුළත් කිරීමෙන් තොරව උසස්ම තත්ත්වයෙන් නිපැයූ ‘මිසුමි’ සහ ‘චැම්පියන්’ නියම සබන් ඉතා කෙටි කලකදී දේශීය වෙළඳපොල ජයගැනීමෙන් අනතුරුව විදේශීය වෙළඳපොලද සාර්ථකව ජයගැනීමට සමත්ව සිටි. එහි තවත් පියවරක් ලෙස මිසුමි සහ චැම්පියන් ඇණවුමක් පසුගියදා වියට්නාමය බලා නැව්ගත කරන ලදී.
වසර 20ක් පමණ සබන් ලෙස TFM අගය අඩු බේදින් බාර් අලෙවි කෙරෙමින් පාරිභෝගිකයන් නොමග යවමින් තිබූ ශ්‍රී ලාංකීය සබන් වෙළඳපොළට ඇඟ ගල්වන සබන් සඳහා නිර්දේශිත TFM ප්‍රමිතිය වන 76.5% ටත් වැඩි වූ TFM අගයෙන් යුතු සබන් කැටයක් ‘මිසුමි’ සන්නාමය යටතේ 2017 වසරේදී හඳුන්වාදුන්නේ නේචර්ස් සික්රට්ස් නිෂ්පාදන මගින් ඉහළම පාරිභෝගික විශ්වාසයක් දිනා සිටින නේචර්ස් බියුටි ක්‍රියේෂන්ස් (NBC) ආයතනයයි.
මිසුමි සබන් වල උසස්ම තත්ත්වය කෙරෙහි විශ්වාසය තැබූ පාරිභෝගික ඉල්ලීම මත පදනම්ව වෙළඳපොළේ එතෙක් අඩුවක්ව පැවති විෂබිජනාශක නියම සබන් කැටයක් NBC ආයතනය විසින් 2019 වසරේදී ‘චැම්පියන්’ නමින් TFM 76.5% ක අගයකින් යුතුව හදුන්වාදෙන ලදී. 2017 වසරේදී දේශීය සබන් වෙළඳපොළට පිවිස 2020 වසර වනවිට විදේශීය සබන් වෙළඳපොළද ජයගැනීමට ලැබීමේ ප්‍රමුඛතම සාධකය NBC ආයතනයේ නිෂ්පාදන වල උසස්ම තත්ත්වයයි.
ලාභය මතම පදනම්ව, තත්ත්වයෙන් අඩු නිෂ්පාදන අලෙවි කරන වෙළඳපොළක ඒවා අනුකරණය නොකරමින් තත්ත්වයෙන් උසස්ම නිෂ්පාදන ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන් හට ලබාදෙන NBC ආයතනය නේචර්ස් සික්රට්ස් සහ පැන්ඩා බේබි නිෂ්පාදන මේවන විටත් රටවල් ගණනාවකට අපනයනය කරමින් රටට අත්‍යාවශ්‍ය විදේශ විනිමය වසර ගණනාවක සිට ගෙනඑමින් සිටී. එයට අමතරව ඉහත මිසුමි සහ චැම්පියන් සබන් අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 24ක් වන ගෝලීය ඇඟ ගල්වන සබන් වෙළඳපොළට පිවිසීමට හැකිවීම විශාල ප්‍රමාණයෙන් විදේශ විනිමය ඉපැයීමට බෙහෙවින් ඉවහල් වනු ඇති බව NBC ආයතනයේ සභාපති සමන්ත කුමාරසිංහ මහතා පැවසිය.
දේශීය සබන් කර්මාන්තකරුවන් හට පසුගිය වසර 20 ක පමණ කාලයක් පුරා ඇතිවී තිබූ අසාධාරණ තත්ත්වයන් නිරාකරණය කරමින් සම තත්ත්වයන් යටතේ බහුජාතික සමාගම් සමග කරට කර තරඟ කිරීමට වත්මන් ජනාධිපතිතුමාගේ ආර්ථික ප්‍රතිපත්ති මගින් ඉඩ සලසා දීම නිසා දේශීය සබන් කර්මාන්තයේ නව පිබිදීමක් ඇතිකරදී ඇති බව ඔහු පැවසිය. එම ශක්තියෙන් තම ආයතනයට මෙන්ම අනෙකුත් දේශීය සබන් නිෂ්පාදකයින් හටද විදේශීය වෙළඳපොළවල් පවා ජයගැනීමට හැකිවනු ඇතිබවද ඔහු තවදුරටත් සඳහන් කරයි.
දේශීය ව්‍යාපාරිකයින් දිරිගන්වමින් කොවිඩ් 19 වසංගතය හමුවේ කඩාවැටුණු දේශීය ආර්ථිකයට නව පණක් ලබාදීමට අතිගරු ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් ගෙන ඇති අනෙකුත් ක්‍රියාමාර්ගද දේශීය කර්මාන්ත දියුණුවට අත්වැලක් වනු ඇති බව ද සමන්ත කුමාරසිංහ මහතා පැවසීය.
Video Story