දෛනික සංචාරක පැමිණීම් ඉහළට. දවස් 10ට 61,000ක් ඇවිත්. සමස්තය දාහත් ලක්ෂය ආසන්නයේ

    November, 13, 2024

    ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව 2024 නොවැම්බර් මාසයේ මුල් දින 10 තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 61,767 ක් ලෙසින් වාර්තා වේ.

    මේ අනුව 2024 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 1,682,482 ක් ලෙසින් සටහන් වන අතර තවත් දින කිහිපයක් ඇතුළත මිලියන 1.7 කඩඉම පසුකිරීමට ඊට හැකි වනු ඇත.

    ශීත සෘතුවේ ආරම්භයත් සමඟම යුරෝපා සංචාරකයින්ගේ පැමිණීම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබීම, මෙලෙස ක්‍රමයෙන් නොවැම්බර් මාසයේ සංචාරක පැමිණීම ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතුවී තිබේ.

    එහිදී නොවැම්බර් 01 සිට 10 දක්වා කාලපරිච්ඡේදය තුළ දී රුසියාවනේ 9,680ක්, ජර්මනියෙන් 4,899ක්, එක්සත් රාජධානියෙන් 3,709ක්, ඕස්ට්‍රේලියාවෙන් 2,303 ක් ලෙසින් වැඩිවශයෙන් මෙරටට විදෙස් සංචාරකයින් පැමිණ ඇත. මෙම වකවානුව තුළ වැඩියෙන්ම මෙරටට සංචාරකයින් පැමිණි රට ලෙසින් ඉන්දියාව සටහන් වන අතර එම ප්‍රමාණය 15,197 කි.