දෝෂ නිසා ටොයොටා රථ ලක්ෂ 64 ක් යළි සමාගමට කැඳවයි

    April, 9, 2014

    ලෝකය පුරා අලෙවිකර තිබෙන ටොයොටා මෝටර් රථ ලක්ෂ 64 ක් විවිධ වූ දෝෂ මුල්කර ගනිමින් නැවතත් සමාගම වෙත ගෙන්වා එම දෝෂයන් නිවැරදි කිරීමට ජපාන ටොයොටා සමාගම තීරණය කර තිබේ.

    වාර්තා වන ආකාරයට මෙම මෝටර් රථ වලින් 35,124 ක් එංගලන්තයට විකුණා ඇත.

    මෙම තාක්ෂණික දෝෂ නිසා කිසිදු මෝටර් රථයක් අනතුරට පත්වීමක් හෝ පුද්ගලයෙකුට තුවාල වීමක් වාර්තා වී නොමැති බවද සඳහන්ය.

    පසුගිය පෙබරවාරි මාසයේදී ටොයොටා Prius හයිබ්‍රීඩ් රථ මිලියන 1.9 ක් නැවතත් සමාගම වෙත ගෙන්වා ගැනීමට ටොයොටා තීරණය කළේ එම වාහන හදිසියේ මන්දගාමී වීමට හේතුවන මෘදුකාංග ප්‍රශ්නයක් විසඳීම සඳහායි.