December, 28, 2016
2011 අංක 42 දරණ මූල්‍ය ව්‍යාපාර පනත යටතේ මුදල් මණ්ඩලය වෙත පැවරී ඇති බලතල අනුව, ද ෆිනෑන්ස් සමාගම සඳහා නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කිරීමට තීරණය කර තිබේ.
මේ අනුව පත් කර තිබෙන නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පහත පරිදි වේ.
බී.ඒ.ඩබ්. කුමාරසිරි - සභාපති/ විධායක නොවන අධ්‍යක්ෂ
නිමල් මාමදූව - විධායක අධ්‍යක්ෂ
ආර්. සිරිවර්ධන - විධායක නොවන අධ්‍යක්ෂ
ආචාර්ය ඩබ්.ජී. කරුණාදාස - විධායක නොවන අධ්‍යක්ෂ
එම්.කේ.ඩී.ඩබ්. අමරසිංහ - විධායක නොවන අධ්‍යක්ෂ
මෙම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ගේ ධූර කාලය 2017 ජනවාරි 01 දින සිට බලපැවැත්වෙන අතර මේ දක්වා ද ෆිනෑන්ස් සමාගමේ අධ්‍යක්ෂ ධූර දැරූ පහත නම් සඳහන් අයගේ ධූර කාලය 2016 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වනු ඇත.
පී.ජේ. ජයසිංහ
එස්.ඒ.එස්. ගුණවර්ධන
එස්.ආර්. බණ්ඩාරනායක
පී.එල්.ඩී. සෙනෙවිරත්න
එම්.ආර්.ජේ. රොද්‍රිගෝ
Video Story