May, 27, 2014
ද ෆිනෑන්ස් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ නව සැලසුමට අනුව මහ බැංකුව විසින් එයට ද්‍රවශීලතා පහසුකමක් ලබාදුන් බවත් නව අධ්යක්ෂ මණ්ඩලයක් පත්කළ බවත් පවසා තිබේ.
මේ අනුව, වහාම ක්‍රියාත්මක වන පරිදි මහ බැංකුව විසින් ද ෆිනෑන්ස් සමාගමට ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා සහාය යෝජනා ක්‍රමය මගින් මෙම දිගුකාලීන ද්‍රවශීලතා පහසුකම ලබාදී ඇත.
මීට අමතරව, ද ෆිනෑන්ස් සමාගමේ සභාපතිවරයා ලෙස එස්.එච්.ඒ.එම්. අබේරත්න මහතා නම්කර තිබෙන අතර එස්. රාජපක්ෂ මහතා නියෝජ්‍ය සභාපතිවරයා ලෙස නම්කර තිබේ.
මීට අමතරව, ඒ.පී.එල්. ලේකම්ගේ මහතා කළමනාකාර අධ්යක්ෂවරයා ලෙසත්, ටී. සෙන්තිවේල් මහතා විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙසත්, ආර්. අතුකෝරල මහතා විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙසත්, ටී.බී. ඒකනායක මහතා විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙසත්, ආර්.ඩී. අබේවික්‍රම මහතා විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙසත් පත්කර ඇත.