October, 21, 2015
ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා නායකත්වය දරන වැලිබල් වන් පී.එල්.සී. සමූහය ඩොලර් මිලියන 60 ක මුදලක් සුඛෝපභෝගී වෙරළ හෝටලයක් ගොඩනැගීම සඳහා ආයෝජනය කිරීමට සූදානම් වේ.
කාමර 382 කින් සමන්විත තරු පහ පන්තියේ මෙම වෙරළ හෝටලය මීගමුව, කොච්චිකඩේ ප්‍රදේශයේ ඉදිවන අතර මේ වෙනුවෙන් මුදල් ආයෝජනය කරන්නේ වැලිබල් වන් සමාගමට අයත් Greener Water Ltd විසිනි.
මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් බදු සහන ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමකට එළඹ තිබෙන අතර මෙම හෝටලය ඉදිවන අක්කර 14 ක් වෙනුවෙන් මේවනවිටත් රුපියල් මිලියන 268.06 ක මුදලක් සමාගම ආයෝජනය කර තිබෙන බව සඳහන්ය.
Video Story