December, 1, 2015
හේලීස් පීඑල්සී සම සභාපති (විධායක නොවන) ධම්මික පෙරේරා මහතා හේලීස් පීඑල්සී හි 50% ක් ඉක්මවූ කොටස් අයිතිය තහවුරු කර ගැනීමට සමත් වී තිබේ. ඔහු විසින් පසුගිය නොවැම්බර් 16 දින කොටස් 210,809 ක් හා 18 දින කොටස් 117,052 ක් මිල දී ගැනීමත් සමඟම හේලීස් පීඑල්සී හි තමන් සතු කොටස් ප්‍රමාණය 50.15% ක් දක්වා වැඩි කර ගැනීමට කටයුතු කර ඇත.
මීට පෙර ධම්මික පෙරේරා හිමිකම් කියනු ලැබූවේ හේලීස් සමාගමේ 49.71% ක කොටස් ප්‍රමාණයකටය. ඒ තමනට පෞද්ගලිකව හිමි කොටස් 31,699,599 (42.27%) ක්, තම නමින් ආන්තික කොටස් ගිණුමක කොටස් 3,400,000 (4.53%) ක් හා තම සමාගමක් වන වැලිබල් වන් සමාගමට කොටස් 2,182,584 (2.91%) ක් වශයෙනි.
මේ අනුව හේලීස් පීඑල්සී හි සමස්ත කොටස් ප්‍රමාණයෙන් කොටස් 37,610,044 (50.15%) ක හිමිකාරීත්වය ඇත්තේ ධම්මික පෙරේරා නමිනි.
Video Story