March, 28, 2025
ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පාලක කොටස් හිමිකාරීත්වය දරනු ලබන හේලීස් සමූහයේ අනුබද්ධිත ලැයිස්තුගත සමාගම් ගණනාවක් 2024/25 මූල්‍ය වර්ෂය වෙනුවෙන් නව අතුරු ලාභාංශ ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව හේලීස් සමූහයට අයත් ලැයිස්තුගත සමාගම් විසින් එක් කොටසක් වෙනුවෙන් ප්‍රකාශයට පත්කර තිබෙන මුදල් ලාභාංශයන් පහත පරිදි වේ.
HAYCARB PLC - රු. 1.60
SINGER (SRI LANKA) PLC - රු. 0.40
ALUMEX PLC - රු. 0.40
KELANI VALLEY PLANTATIONS PLC - රු. 2.60
HAYLEYS FABRIC PLC - රු. 0.35
TALAWAKELLE TEA ESTATES PLC - රු. 2.40
HORANA PLANTATIONS PLC - රු. 0.35
DIPPED PRODUCTS PLC - රු. 0.85
හේලීස් සමාගමේ ප්‍රමුඛතම කොටස්කරුවා වන්නේ මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතායි.
හේලීස් සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් 51.01% ක් හෙවත් කොටස් 382,596,970 ක හිමිකාරීත්වය ඔහුගේ නම ඉදිරියෙන් ලියැවී ඇත.
Video Story