ධම්මික ශ්‍රී ලංකාවේ මුල් වරට Artificial Intelligence යොදා ගත් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් කැඳවයි

    July, 4, 2018

    සමාගම්වල ලාභය සඳහා පිරිවැය අඩුකරගැනීම ප්‍රධානම ගැටළුව වී තිබුණු බවත්, මීළග අවුරුදු 5 සඳහා තම සමාගම්වලට යොදා ගනු ලබන පිරිවැය පාලන හා තාක්ෂණික වැඩසටහන් නිසා ආර්ථිකය කුමන මට්ටමට පැමිණියත් තම සමාගම්වලට ගැටළුවක් වන්නේ නැති බවත් වැලිබල් වන් පීඑල්සී සභාපති/ කළමනාකාර අධ්‍යක්ෂ ධම්මික පෙරේරා මහතා පැවසීය. අද (04) දින කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ කිරීමේ සීනුව නාද කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

    “අපේ පිරිවැය 8% කින් වැඩිවෙනවා නම්, භාණ්ඩවල මිල වැඩි නොකොට පිරිවැය වැඩිවීම අවශෝෂණය කර ගත හැකි සැලසුමක් අපිට තියෙනවා. ලංකාවේ ප්‍රථම Board Meeting එක වෙයි තව මාස 6 කින්, Artificial  Intelligence යොදා ගෙන Board Meeting තියන. මම first meeting එක ලබන මාසේ පෙන්වනවා. දැනට තියෙන situation එකට ඒ BI tools යොදා ගෙන කතා කරක හැම දෙයක්ම screen එකට ගන්න පුළුවන්.“

    “රොසෙල් වගේ ආයතනයක, අවුරුද්දකට අපි අලුත් මෝස්තර 200 ක් විතර හදනවා. ඒකෙන් 60 ක් තමයි takeoff වෙන්නේ. 140 ක් fail වෙනවා. අපි ඒක test කියලා තමයි ගන්නේ. හැබැයි Artificial  Intelligence වලින් මට ටයිල් 80 ක් හදලා, 60 ක් takeoff කරන්න පුළුවන්. 20 යි fail වෙන්නේ. අනිත් කම්පැනිවලටක් මේක හොඳ උදාහරණයක්.“

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වැලිබල් වන් සභාපතිවරයා පැවසුවේ, තමන් නියමු ව්‍යාපෘතියක් ලෙසින් පළමු අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම මෙම තාක්ෂණය යොදා ගනිමින් පැවැත්වූ බවත්, මීළඟ අවුරුදු 5 තුළ සියයට 8 කින් පිරිවැය ඉහළ යාමේ ගැටළුවට තමන් සතුව විසඳුම් ඇති බවත්ය.

    ධම්මික පෙරේරා මහතා අද (04) දින කොළඹ කොටස් වෙළෙඳපොළේ දී කළ කතාව පහතින් නැරඹිය හැකිය.