July, 25, 2016
ලෆාජ්හෝල්සිම් සමාගමේ ශ්‍රී ලංකා ව්‍යාපාර ඒකකය වූ පුත්තලමේ පිහිටි හොල්සිම් ලංකා හි හිමිකම ඇමරිකානු ඩොලර් මිලියන 400 කට තායිලන්තයේ සියාම් සිටි සමාගම මිල දී ගත් බව මවු සමාගම විසින් අද දින ප්‍රකාශ කරන ලදී.
මේ සඳහා පාර්ශව 7 ක් ලංසු ඉදිරිපත් කර තිබුණු අතර ඊට දේශීය පාර්ශවකරුවන් දෙදෙනෙකුගේ ද උනන්දුව පළ වී තිබූ බව කියැවිණි. දේශීය පාර්ශව දෙකෙන් එකක් වන Onyx සමූහය මේ වෙනුවෙන් අධි ලංසුවක් ඉදිරිපත් කර තිබුණු බව මුලින් කියැවුණ ද අද දිනයේ දී ඔවුන් නිල වශයෙන් නිවේදනය කර සිටියේ එය ඇමරිකානු ඩොලර් මිලියන 261 ක් බවයි. මෙම නිවේදනය Onyx සමූහය වෙනුවෙන් සිලෝන් ස්ටීල් සමාගමේ ආයතනික සන්නිවේදන අංශය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබිණි.
Onyx සමූහය මෙන්ම මෙරට සිලෝන් ස්ටීල් සමාගමේ හිමිකාරීත්වය ද දරනු ලබන්නේ නන්දන ලොකුවිතාන විසිනි. ඔහු අතිසුඛෝපභෝගී ඩුබායි මැරියට් හෝටලයේ ද හිමිකරුවා වේ.