November, 23, 2016
මෙරට පාරිභෝගික භාණ්ඩ අලෙවියේ ප්‍රමුඛයා වන සිංගර් ශ්‍රී ලංකා සමාගම සිය නිෂ්පාදන නාමාවලිය පුළුල් කරමින් SINGER Duo – 2 in 1 Laptop plus tab හඳුන්වා දෙයි.එම හඳුන්වාදීම බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති Singer Lifestyle Exhibition 2016 හිදී සිදුකෙරිණ.
මෙම හඳුන්වාදීමේ අවස්ථාවට සිංගර් ශ්‍රී ලංකා සමාගමේ සමුහ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස් මහතා, සිංගර් ශ්‍රී ලංකා සමාගමේ වෙළඳ සහ වාණිජ අධ්‍යක්ෂ මහේෂ් විජේවර්ධන මහතා සහ මයික්‍රොසොෆ්ට් හි අග්නිදිග දිග ආසියානු කලාපයේ OEM අධ්‍යක්ෂ පුබුදු බස්නායක යන මහත්වරු සහභාගි වූහ. මෙම නවතම හඳුන්වාදීම ශ්‍රී ලාංකේය පාරිභෝගිකයා වෙත උසස් තත්වයේ නිෂ්පාදන තිලිණ කිරීමේ ක්‍රියාන්විතයේ සුවිශේෂි පියවරක් වෙයි.
ලැප්ටොප් සහ ටැබ් යන ආකාර දෙකකින්ම භාවිත කළ හැකි SINGER Duo 2 in 1 Laptop plus tab පාරිභෝගික අවශ්‍යතාව අනුව පහසුවෙන් ලැප්ටොප් එකක් බවට සහ ටැබ් එකක් බවට පත් කර ගැනීමේ හැකියාව සහිත වෙයි. Intel Z8300 Quad Core ප්‍රෙසෙසරයක් සහිත මෙය නියම Windows 10 මෙහයුම් පද්ධතියකින්ද සමන්විත වෙයි. මෙහි අන්තර්ගත අනිකුත් විශේෂාංග අතර 2GB Memory, 32GB Internal Storage, 10.1" IPS Display, capacitive 10 fingers touch screen, a 2 Mega Pixel camera, Wi-Fi සහ Bluetooth ආදිය වැදගත් වෙයි.
මෙම අවස්ථාවට එක්වූ සිංගර් ශ්‍රී ලංකා හි සමූහ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස් මහතා සඳහන් කළේ නිරතුරුවම උසස් සහ නවීන නිෂ්පාදන පාරිභෝගිකයා වෙත තිළිණ කරන සමාගමක් ලෙස සිංගර් සමාගම ප්‍රමුඛ ස්ථානයක පසුවන බවයි. ශ්‍රී ලංකාව තාක්ෂණික අතින් ඉහළ මට්ටමකට ඔසවා තැබීම සඳහා සිංගර් සිය නිෂ්පාදන මඟින් උත්සහ දරමින් සිටින බවත්, ඩිජිටල් යුගයක් සඳහා පුරවැසියන් පෙළගැස්වීමේදී එම තාක්ෂණික දැනුම අතිශය වැදගත් වනු ඇති බව ද හෙතෙම පෙන්වා දුන්නේය.
මේ පිළිබඳව දැක්වූ සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අලෙවි අධ්‍යක්ෂ කුමාර් සමරසිංහ මහතා සඳහන් කළේ නවීන තාක්ෂණය මුසුවූ Duo 2 in 1 Laptop මාදිලිය මෙරටට හඳුන්වා දීමට අවස්ථාව හිමිවීම පිළබඳව සතුටට පත්වන බවයි. මෙරට පාරිභෝගිකයා වෙත දැරිය හැකි මිලකට සහ අසමසම සේවාවක් යටතේ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් උසස් නිෂ්පාදන සැපයීමේ ප්‍රමුඛයින් බවට සිංගර් සමාගම පත්ව ඇති බව ද හෙතෙම පෙන්වා දුන්නේය. වෘත්තීයවේදීන්ට, මෙන්ම සිසුන් සඳහා මෙම නව Duo 2 in 1 Laptop අතිශය සුදුසු වන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
සිංගර් ශ්‍රී ලංකා සමාගම ලෝ සුපතල මයික්‍රොසොෆ්ට් හි ලැයිස්තුගත සමාගමක් බවට මෑතක දී පත්විය. ඒ සමඟ සිංගර් ශ්‍රී ලංකා සමාගම මයික්‍රොසොෆ්ට් ශ්‍රි ලංකා හා එක්ව වරප්‍රසාදලාභි සමාගමක් ලෙස කටයුතු කරයි.මෙම ක්‍රමෝපාය පියවරින් පසු මයික්‍රොසොෆ්ට් හා එක්ව කටයුතු කරන ලොව ප්‍රමුඛ සමාගම් අතරට සිංගර් ශ්‍රී ලංකා ද එක්විය. සිංගර් ශ්‍රී ලංකා සන්නාමය අන්තර් ජාතික තත්වය දක්වා ගෙනයාමට මයික්‍රොසොෆ්ට් හා බැඳුනු ව්‍යාපාරික සහයෝගීතාවය ඉවහල් වී තිබේ.
දිවයින පුරා ස්ථාපිත 400 කට අධික ශාඛා ජාලයක් සහ අලෙවියෙන් පසු සේවා ජාලයක් ඔස්සේ සිංගර් ශ්‍රී ලංකා සිය පාරිභෝගියා වෙත උසස් තත්වයේ සේවාවක් සපයමින් සිටියි. විවිධ අංශ කිහිපයක් ඔස්සේ මෙරට ජනතාවගේ ජීවන තත්වය නංවාලීම සඳහා ප්‍රමුඛතාව ගෙන සිංගර් ශ්‍රී ලංකා කටයුතු කරමින් සිටියි. අධ්‍යාපනය, ක්‍රීඩා, සෞඛ්‍ය සත්කාර, සහ පරිසරය සුරැකීම ආදී විවිධ ක්ෂේත්‍ර ගණනාවකින් මෙන්ම සමාජසේවා ව්‍යාපෘති රැසක් දියත් කරමින් මිලියන ගණනක් වූ ශ්‍රී ලාකිංකයින්ගේ ජීවන තත්වය උසස් කරලීමට සිංගර් මූලිකත්වය ගෙන තිබේ. මෙම කැපවීම සහ උත්සාහය අගය කරමින් සම්මාන රැසකට පාත්‍ර වී ඇති සිංගර් ශ්‍රී ලංකා සමාගම අඛණ්ඩව වසර 10 ක් තිස්සේ මෙරට අංක එකේ "ජනතා වෙළඳ සන්නාමය " බවට පත්වීම ද විශේෂත්වයකි.
Video Story