නවලෝක රෝහල් සමූහය අභියෝගාත්මක ආර්ථික තත්වයක් තුළ විශිෂ්ට මූල්‍ය කාර්යසාධනයක් අත්පත් කර ගනී

    December, 7, 2020

    දැඩි අභියෝගාත්මක ආර්ථික තත්වයක් හමුවේ 2019/20 මූල්‍ය වර්ෂය තුළ විශිෂ්ඨ කාර්යසාධනයක් අත්පත් කර ගනිමින් රුපියල් බිලියන 8.5ක පිරිවැටුමක් හිමිකර ගැනීමට නවලෝක රෝහල් සමූහය සමත් වී ඇත. මෙම මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුවේ ඇති වූ පාස්කු ප‍්‍රහාරය, සමූහයේ මූල්‍ය කාර්ය සාධනය දැඩි පීඩනයකට ලක් කළ අතර මෙම මූල්‍ය වර්ෂයේ අවසාන කාර්තුව ගෝලීය කොවිඞ් 19 වසංගතය හේතුවෙන් පෙර නොවූ විරූ ගැටලූ ගණනාවක් මතු කරන ලදි.

    2019/20 මූල්‍ය වර්ෂය තුළ නවලෝක රෝහල් සමූහයේ බදුපසු ලාභය රුපියල් මිලියන 15.9ක් ලෙස වාර්තා වන අතර මෙය පසුගිය මූල්‍ය වර්ෂයේදී ලද රුපියල් මිලියන 587.1 ක ශුද්ධ අලාභය සමග සැසඳීමේදී සමූහය ලද ජයග‍්‍රහනයක් ලෙස සඳහන් කළ හැක. මේ අතර පසුගිය මූල්‍ය වර්ෂය හා සැසඳීමේදී සමූහයේ වත්කම් 9%කින් වර්ධනය වී රුපියල් මිලියන 17,704ක් දක්වා වර්ධනය වී ඇත. එමෙන්ම 2018/19 මූල්‍ය වර්ෂය සමග සැසඳීමේදී සමූහයේ දළ ලාභය 51%සිට 56% දක්වා සැලකිය යුතු ප‍්‍රගතියක් අත් කර ගෙන ඇත.

    මෙම මූල්‍ය වර්ෂය තුළ නවලෝක රෝහල් සමූහය පිරිවැය කළමනාකරණ ක‍්‍රමවේදයන් ගණනාවක් අනුගමනය කළ අතර සමූහයට අයත් රසායනාගාර ජාලය පුළුල් කිරීම සහ නවලෝක ගම්පහ රෝහල සහ මීගමුව යන රෝහල් ද සැලකිය යුතු මූල්‍ය ප‍්‍රගතියක් අත් කර ගැනීමට සමත් ව ඇත.

    ‘‘පසුගිය මූල්‍ය වර්ෂය තුළ ආර්ථිකයට දැඩි බලපෑමක් ඇති කළ පාස්කු ප‍්‍රහාරය සහ කෝවිඞ් 19 වෛරසයේ ව්‍යාප්තිය යන සිදුවීම් මධ්‍යයේ වුවද ප‍්‍රශංසනීය මූල්‍ය කාර්යසාධනයක් අත්පත් කර ගැනීමට හැකි වීම පිළිබඳව අපි සැබවින්ම සතුටු වෙනවා. අපගේ නිවැරදි පිරිවැය කළමනාකරණ සහ ඩිජිටල් තාක්ෂණික සේවාවන්ගේ නිසි ක‍්‍රියාකාරීත්වය 2020 වර්ෂයේ දී විශිෂ්ට මූල්‍ය කාර්යසාධනයක් වෙත අප රැගෙන යමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම විශේෂඥ රෝහල් සේවාව බවට නවලෝක රෝහල් සමූහය ස්ථාන ගත කිරීමට ඉවහහල් වී තිබෙනවා’’යනුවෙන් නවලෝක රෝහල් සමූහයේ උප සභාපති හර්ෂිත් ධර්මදාස මහතා පැවසීය.

    ශ‍්‍රී ලාංකීය රෝහල් ක්ෂේත‍්‍රයේ අද්විතීය නාමයක් හිමිකර ගෙන සිටින නවලෝක රෝහල් සමූහය වසර 35ක් පුරා මෙරට පුද්ගලික රෝහල් ක්ෂේත‍්‍රයේ පුමුඛ ස්ථානයේ වැජඹෙන අතර ආචාර්ය ජයන්ත ධර්මදාස මහතාගේ ¥රදර්ශී නායකත්වයෙන් ද අති දක්ෂ නිපුණත්වයකින් යුතු වෛද්‍ය සහ හෙද කාර්යමණ්ඩලයේ නොමඳ කැපවීමෙන් සහ මෙරට රෝහල් ක්ෂේත‍්‍රයේ දැකිය හැකි අති නවීන රෝහල් පහසුකම් හේතුවෙන් ජාත්‍යන්තර මට්ටමේ සුවසේවාවක් දැරිය හැකි මිලකට ලබා දීමට නවලෝක රෝහල් සමූහයට හැකි ව තිබේ.

    රුපියල් බිලියන 6.8ක ප‍්‍රාග්ධන ආයෝජනයක් සිදු කොට ගොඩනැංවූ නවීනතම සුවසේවා පහසුකම්වලින් සමන්විත නවලෝක විශේෂඥ සුවසේවා මධ්‍යස්ථානය ^Nawaloka Specialty Centre& කාලීන අවශ්‍යතාවක් මත ඉදිවූ රෝහල් සේවා පහසුකමක් ලෙස නිසැකවම හැඳින්විය හැක්කේ ගෝලීය වශයෙන් ඇතිව තිබෙන සෞඛ්‍ය ගැටලූ හමුවේ අඛණ්ඩව රෝහල් සේවාවන් පවත්වාගෙන යෑමට නවලෝක රෝහල් සමූහයට හැකියාව ලැබී ඇති ඇති හෙයිනි. වර්ග අඩි 400,000ක අති දැවැන්ත පරිශ‍්‍රයක් පුරා විහිද යන මෙම විශේෂඥ සුවසේවා ගොඩනැගිල් තුළ මොටර් රථ 600ක් ගාල් කිරීමේ හැකියාව සහ ලෙඩරෝග ගණනක් සඳහා විශේෂඥ ප‍්‍රතිකාර මෙම ගොඩනැගිල් තුළ ලබා ගැනිමේ පහසුකම් පවතී.

    විවිධ රෝගාබාධ සඳහා නවලෝක විශේෂඥතා මධ්‍යස්ථානය තුළ වෙන් වෙන් මධ්‍යස්ථාන පිහිටුව ඇති අතර වඩාත් ඉඩ පහසුකම් ඇති බැවින් සමාජ දුරස්ථභාවය පවත්වාගැනීමට සහ ආසාදිත රෝගින් ගෙන් වෙනත් අයෙකුට රෝග බෝවීමේ හැකියාව අවම මට්ටමක පවතී. සෑම මහලකම පිහිටි ඖෂධ අලෙවි සැල් සහ රසායනාගාර හේතුවෙන් එකම මහලක් තුළ විශේෂඥ වෛද සේවාව සහ ප‍්‍රතිකාර සහ රසායනාගාර පහසුකම් ලබා ගැනීමට රෝගීන්ට අවස්ථාව සැලසේ. එබැවින් රෝගීන්ට ගොඩනැගිල්ල පුරාම ගමන් කිරීමට අවශ්‍ය නොවන අතර බෝවන රෝග රෝහල් භූමිය පුරා පැතිරයෑම මුළුමනින්ම පාලනය කර ගැනීමට හැකියාව ලැබී ඇත. නවලෝක විශේෂඥතා මධ්‍යස්ථානය ඉදිකිරීමේ දී මෙම කරුණු පිළිබඳව උපරිම අවධානය යොමු කර තිබීම නිසා අන් රෝහල් සමග සැසඳීමේදී කෝවිඞ් 19 වසංගතය පාලනය කරමින් ප‍්‍රතිකාර සේවා අඛණ්ඩව පවත්වාගෙන යෑමෙන් ප‍්‍රමුඛස්ථානය ලැබීමට නවලෝක රෝහල් සමූහයට හැකියාව ලැබී ඇත.

    නවලෝක රෝහල විසින් අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන ජාත්‍යන්තර ප‍්‍රමිතිය යළිත් ඇගයීමට ලක් වෙමින් ජාත්‍යන්තර JCI (HOSPITAL ACCREDITATION FROM JOINT COMMISSION INTERNATIONAL) ප‍්‍රමිතිකරණය හිමි කර ගැනීමට ද නවලෝක රෝහල සමත් විය. රන් මුද්‍රාවකින් සහතික කෙරෙන මෙම ප‍්‍රමිතිකරණය හරහා ජාත්‍යන්තර තත්වයේ සුවසේවාවක් ලබා දෙනු පිණිස නවලෝක රෝහල් සමූහය දක්වන කැපවීම මනාව සනිටුහන් කෙරේ. එමෙන්ම කෝවිඞ් 19 වෛරසයෙන් ආරක්ෂාකාරී වීම සඳහා මෙරට සෞඛ්‍ය අමාත්‍යංශයේ නියාමනයන් සහ පිළිවෙත් අඛණ්ඩව පවත්වාගෙන යෑමට සහ ලෝක සෞඛ්‍ය සංගමයේ පිලිවෙත් දැඩිව සිය රෝහල් පරිශ‍්‍රයන් තුළ ක‍්‍රියාත්මක කිරීමට නවලෝක රෝහල් සමූහය කටයුතු කර ඇත.

    ‘‘කෝවිඞ් 19 වෛරසය පැතිරයෑම තුළ නව සාමාන්‍යය තත්වයක් යටතේ ජීවත් වීමට අපට සිදු තිබෙනවා. මෙම තත්වය සුවසේවා ක්ෂේත‍්‍රයටත් දැඩි බලපෑමක් එල්ල කර තිබෙනවා. කෝවිඞ් 19 වෛරසයෙන් මිදී ආරක්ෂාකාරීව ජීවත් වීම සඳහා අප විසින් අනුගමනය කරන හොඳ සෞඛ්‍ය පුරුදු එලෙසම පවත්වාගෙන යමින් ආරක්ෂාකාරී පරිසරයක් තුළ රෝගීන්ගේ ආරක්ෂාව සහ සුවපත් බව පිළිබඳ වූ අපගේ ප‍්‍රමුඛතම වගකීම එලෙසම පවත්වාගෙන යැමටත් ඒ තුළින් අපගේ පාර්ෂවකරුවන්වෙත අමතර වටිනාකමක් ලබා දීමට අපි නිරතුරුව කැපවී සිටිනවා. ප‍්‍රශස්ත රෝහල් සේවාවක් මෙරට ජනතාව වෙත ලබා දීම සඳහා වූ අපගේ කැපවීම එලෙසම පවතින අතර ගුණාත්මක රෝහල් සේවාවක් පවත්වාගෙන යෑම සඳහා වසරින් වසර අපගේ සේවා විශිෂ්ටතාව වර්ධනය කර ගැනීමට ද අප සමත් වී සිටිනවා’’ යනුවෙන් නවලෝක රෝහල් සමූහයේ උපසභාපති හර්ෂිත් ධර්මදාස මහතා වැඩි දුරටත් පැවසීය.

    පුද්ගලික රෝහල් ක්ෂේත‍්‍රයේ පුරෝගාමී සහ ප‍්‍රමුඛතම රෝහල ලෙස නවලෝක රෝහල් සමූහය විශේෂඥ ප‍්‍රතිකාර මධ්‍යස්ථාන රැුසක් පසුගිය වසර තුළ ආරම්භ කිරීම සමත්විය. මේ අතුරින් ළය සහ නින්ද පිළිබඳ විශේෂඥ ප‍්‍රතිකාර මධ්‍යස්ථානය ශ‍්‍රී ලංකාවේ ඇරඹූ මෙම ක්ෂේත‍්‍රයේ පළමු ප‍්‍රතිකාර මධ්‍යස්ථානයයි. මීට අමතරව නවලෝක ජ්‍යෙෂ්ඨ පුරවැසි සුවසේවා මධ්‍යස්ථානය, නවලෝක සඵල්‍යතා ප‍්‍රතිකාර ඒකකය කාලීන අවශ්‍යතාවන්ට අනුව ආරම්භ කළ සුවසේවාවන් ලෙස හැඳින්විය හැක. ශ‍්‍රී ලංකාවේ පළමු drive-thru රසායනාගාර සේවා ආරම්භ කිරීමට ද නවලෝක රෝහලට හැකි විය. තවද පූර්ණ පහසුකම්වලින් යුතු රසායනාගාරයන් ගාල්ල සහ රාගම ස්ථාපිත කර ඇත. එමෙන්ම 24 පැයේ ක‍්‍රියාත්මක දුරකථ විමසීම් සේවාවක් ක‍්‍රියාත්මක කරමින් විශේෂඥ වෛද්‍ය හමුවීම් ඇතුළුව රෝහලේ සියලූ සේවා පිලිබඳව විධිමත් අයුරින් රෝගීන් වෙත සේවා සැපයීමට නවලෝක රෝහල් සමූහයට හැකි විය.

    වර්තමානයේ නවලෝක රෝහල දේශීය හා විදේශීය පිළිගැනීමක් ලබා ඇති අතර දකුණු ආසියාවේ පළමු 640 slice CT ස්කෑනර් යන්ත‍්‍රය, ශ‍්‍රී ලංකාවේ පළමු MRI යන්ත‍්‍රය පළමු 3ෘ හොලොජික් මැමෝග‍්‍රෑම් යන්ත‍්‍රය, පළමු බයිපාස් සැත්කම ආදි සේවා සහ බොහෝ උසස් තාක්ෂණික වෛද්‍ය උපකරණ මෙරටට හඳුන්වා දීම සඳහා පූරෝගාමී වියx නවලෝක රෝහල ජාත්‍යන්තර JCI (HOSPITAL ACCREDITATION FROM JOINT COMMISSION INTERNATIONAL) ප‍්‍රමිතිකරණය හිමි කර ගැනීමට සමත් විය. රන් මුද්‍රාවකින් සහතික කෙරෙන මෙම ප‍්‍රමිතිකරණය හරහා ජාත්‍යන්තර තත්වයේ සුවසේවාවක් ලබා දෙනු පිණිස නවලෝක රෝහල දක්වන කැපවීම මනාව පිළිබිඹු කෙරේ.නුදුරු අනාගතයේදී නවලෝක රෝහල විසින් මෙම පහසුකම විකිරණවේදය සහ වෙනත් පරිපූරක වෛද්‍ය සේවාවන් වෙත ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත. එහිදී පරිශීලකයාට සීටී / එම්.ආර්.අයි ස්කෑන් , එක්ස් කිරණ ස්කෑන්, ඹී ස්කෑන්, මැමෝග‍්‍රැෆි සහ ඩෙක්සා වැනි සේවාවන් ලබා ගත හැකි වනු ඇත. පෙර වෙන්කරවා ගත් රෝහල් සේවාවන් හැර අනෙක් සේවා ඊ සේවාවන් මගින් සිදු කෙරෙනු ඇත.

    සේයා රූ සටහන - ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා - සභාපති/ ප‍්‍රධාන විධායක නිලධාරී, නවලෝක රෝහල