නවලෝක රෝහල වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් 500ක් සාර්ථකව නිම කරමින් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරයි

    July, 3, 2024

    තෘතියික සෞඛ්‍ය සේවාවේ ශ‍්‍රී ලාංකේය ප‍්‍රමුඛයා වන නවලෝක රෝහල් සමූහය වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් 500ක් සාර්ථකව අවසන් කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. පුද්ගලයකුගේ ජීවිතය රැක ගැනීමේ සුවිශේෂී සැත්කමක් ලෙස හ`දුන්වා දිය හැකි වකුගඩු බද්ධ කිරීමේ සැත්කමේදී මෙහිදී සිදු වන්නේ ජීවත්ව සිටින හෝ මිය ගිය පුද්ගලයකුගෙන් පරිත්‍යාග කරන ලබන නිරෝගී වකුගඩුවක්, වකුගඩු නිසි පරිදි ක‍්‍රියාත්මක නොකරන රෝගියකුට බද්ධ කිරීමයි.

    1987 පුද්ගලික රෝහලක් විසින් සිදු කළ පළමු වකුගඩු බද්ධ කිරීම නවලෝක රෝහල විසින් සිදු කළ අතර එතැන් සිට මේ දක්වා වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් 500කට අධික සංඛ්‍යාවක් සාර්ථකව සිදු කිරීමට නවලෝක රෝහලට හැකිවිය. ශ‍්‍රී ලංකාවේ පළමු වකුගඩු බද්ධ කිරීමේ සැත්කමට සම්බන්ධ වූ වෛද්‍ය මඩුල්ල නවලෝක රෝහලේ සිදු කළ 500 වැනි වකුගඩු බද්ධ කිරීමේ සැත්කමටද සහභාගී වූහ. නවලෝක රෝහල විසින් පසු කළ මෙම කඩඉම සහ ඊට සම්බන්ධ වූ වෛද්‍යවරුන් ඇගයීමේ උළෙලක් ද මෙම උත්සවයට සමගාමීව පැවැත්විණ.

    වකුගඩු සැත්කම්වලදී අකර්මන්‍ය වූ වකුගඩුවක් සහිත රෝගීන්ට අවශ්‍ය නිරෝගී වකුගඩුවක් බද්ධ කිරීමේ සැත්කම් ස`දහා අති නවීන වෛද්‍ය උපකරණ හා තාක්ෂණය උපයෝගී කරගන්නා නවලෝක රෝහල ඒ තුළින් සැත්කම් 500ක ප‍්‍රමාණයක් සාර්ථකව අවසන් කිරීම ශ‍්‍රී ලාංකේය සෞඛ්‍ය ඉතිහාසයේ සුවිසල් ජයග‍්‍රහණයක් ලෙසද ස`දහන් කළ හැකිය. නවලෝක රෝහලේ වකුගඩු බද්ධ කිරීමේ ඒකකය විශේෂිත පහසුකම් සහිත දැඩි සත්කාර ඒකකයකින් හා පුහුණු හෙද හා සෞඛ්‍ය සේවා වෘත්තිකයින්ගෙන් සමන්විත වන අතර ඒ තුළින් වකුගඩු පරිත්‍යාගශීලීන් හා අකර්මණ්‍ය රෝගීන් ස`දහා සේවාවන් රැුසක් සලසා දෙනු ලබයි.

    මෙම වකුගඩු බද්ධ කිරීමේ සැත්කම්වලදී එහි සාර්ථක්වය වෙනුවෙන් වකුගඩු රෝග අංශයෙන් ඔබ්බට යමින් රෝගියාගේ මානසික සෞඛ්‍යය පිළිබ`ද දැඩි අවධානයක් යොමු කිරීමද නවලෝක රෝහලෙහි සාර්ථකත්වය පිටුපස ඇති තවත් රහසකි. ඒ තුළින් ශල්‍යකර්මයෙන් පසු රෝගියා ක‍්‍රමයෙන් සාමාන්‍ය තත්වයට පත් කිරීමට කටයුතු කරන ඔවුන් ‘නිරෝගී සිරුරක් වෙනුවෙන් නිරෝගී මනසක්’ පවත්වාගෙන යාම ස`දහා මනෝ වෛද්‍ය උපදෙස් ලබා දීමේ අවශ්‍යතාව ශල්‍යකර්මයට පෙර පරිත්‍යාගශීලීන් හා රෝගීන් වෙත අවධාරණය කර සිටියි.

    සනාල බද්ධ කිරීමේ විශේෂඥයින්, වකුගඩු රෝග විශේෂඥයින්, නිර්වින්දක වෛද්‍යවරුන්, භෞතචිකිත්සකවරුන්, විකිරණ විශේෂඥයින්, මනෝ විශේෂඥයින්, පාරවිලයන විශේෂඥයින්, ආහාර විශේෂඥයින් සහ කායික රෝග විශේෂඥයින්ගෙන් සුසැදි ශ‍්‍රී ලාංකේය උපදේශක කණ්ඩායමකින් මෙන්ම අති දක්ෂ වකුගඩු බද්ධ කිරීමේ කණ්ඩායමකින්ද සමන්විත වෘත්තීයමය වශයෙන් ඉහළ සුදුසුකම්ලත් ආයතනයක් ලෙස නවලෝක හොස්පිට්ලස් සිය විශිෂ්ටත්වය ශ‍්‍රී ලාංකේය සෞඛ්‍යය සේවාව තුළ තහවුරු කිරීමට සමත්ව ඇත.

    අති සාර්ථක වකුගඩු සැත්කම් 500ක් අවසන් කරමින් ජීවිත රැුසක් එළිය කිරීමට ම`ග පෑදු මෙම සුවිශේෂී සංධිසථානයේදී නවලෝක රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ කැපවීම හා දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම පිළිබ`දවද අගය කළ යුතුය.

    මෙම සුවිශේෂී සංධිස්ථානය පිළිබ`දව අදහස් දැක්වූ නවලෝක රෝහල් සමූහයේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා ස`දහන් කර සිටියේ ‘‘ වකුගඩු සැත්කම් 500ක් සාර්ථකව අවසන් කරමින් ශ‍්‍රී ලාංකේය සෞඛ්‍ය සේවාවේ නව සංධිස්ථානයක් සනිටුහන් කිරීමට හැකි වීම අප ලද ගෞරවයක් කොට සැලකීමට කැමතියි. කාර්ය බහුල රාජකාරී කටයුතු මධ්‍යයේ වුවද අපගේ වෛද්‍ය කාර්ය මණ්ඩලය රෝගීන්ගේ  සුබ සාධනය සහතික කිරීම ස`දහා වෙහෙස නොබලා කටයුතු කරනවා. වෙහෙස මහන්සි වී සිය කාර්යභාරයන් නොපිරිහෙපා ඉටු කරන ඔවුන් ලබා දෙන සේවාව ඉතා විශිෂ්ටයි.  සැත්කම් තුළින් සුවය ලබමින් නැවත සාමාන්‍ය ජීවිතයේ සතුට වි`දින්නට සූදානමින් සිටින රෝගීන් දැකීම අපේ සතුටට කරුණක්’’ යනුවෙනි.

    සදාචාරාත්මක සමාලෝචන කමිටුවේ හා ශ‍්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතියට යටත්ව මෙම සියලූ වකුගඩු සැත්කම් සිදුකරන නවලෝක රෝහල් සමූහය රජය විසින් දක්වා ඇති සියලූ විධිවිධානයන්ට අනුව සේවාවන් ලබා දීම සිදු කරයි. එසේම ඉහළම ගෝලීය භාවිතයන් අනුව දැඩි ප‍්‍රමිති ආරක්ෂණ ප‍්‍රමිතීන් අනුගමනය කරන නවලෝක රෝහල් සමූහය ඒ තුළින් රෝගීන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ප‍්‍රශස්ත සේවාවක් ලබා දීමට කැපවී සිටියි.

    මෙම සුවිශේෂී කඩඉම සනිටුහන් කිරීම නිමිත්තෙන් මෙරට වකුගඩු රෝග පිළිබ`ද විශිෂ්ටයින් ඇගයීමේ උත්සවයක්ද පසුගියදා නවලෝක රෝහලේදී සංවිධානය විය. එහිදී වකුගඩු රෝග පිළිබ`ද විශේෂඥ වෛද්‍යවරුන් ලෙස වෛද්‍ය ඒ. එල්. එම්. නසාර්, වෛද්‍ය මතු සෙල්වරාජ්, වෛද්‍ය රුෂිකා ලැනරෝල්, වෛද්‍ය අනුර හේවාගීගන, වෛද්‍ය සංජය හෙයියන්තුඩාව, වෛද්‍ය අනුපම ද සිල්වා, වෛද්‍ය චින්තන ගලහිටියාව, වෛද්‍ය නිසාම් සහ මහාචාර්ය එරංග විජේවික‍්‍රම යන ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් මෙන්ම ශල්‍ය වෛද්‍යවරුන් වන මහාචාර්ය මන්දික විජේරත්න, වෛද්‍ය ලලිත පියසිරි, වෛද්‍ය රුවන් ෆෝන්සේකා, වෛද්‍ය දමින්ද රාජමන්ත‍්‍රී, වෛද්‍ය නාලක ගුණවංශ, වෛද්‍ය රංජුක ඔබේසිරි, මහාචාර්ය රෙස්නි කාසිම්, වෛද්‍ය නිරෝෂන් අටලූගම සහ වෛද්‍ය කුමාරදාස උමාශංකර්, නිර්වින්දන වෛද්‍යවරුන් වන මහාචාර්ය අනූජ අබේධීර, වෛද්‍ය විහාරා දසනායක, වෛද්‍ය විනෝදනී වනිගසේකර, වෛද්‍ය ජයති සුබසිංහ, වෛද්‍ය ලක්ෂ්මන් දිසානායක, වෛද්‍ය එස්.කේ. ශර්මා, වෛද්‍ය සුගුණදේවන් ඇගයීමට ලක් වූ අතර එම අවස්ථාව ස`දහා නවලෝක රෝහල් ජාලයේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා ඇතුභාවනීය අමුත්තන් හා රෝහල් වෛද්‍ය කාර්ය මණ්ඩලයද එක්ව සිටියහ.

    මෙහිදී ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වකුගඩු බද්ධ කිරීමේ සැත්කමෙහි පුරෝගාමීන් ලෙස කටයුතු කළ මහාචාර්ය රෙෂ්වි ෂෙරීෆ්, මහාචාර්ය ෂෙරිෆ්ඞීන් සහ මහාචාර්ය ජෙරී ජයසේකර යන මහත්වරුන් වෙත ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා විසින් උපහාර පුද කිරීමද විශේෂත්වයකි. පළමු වකුගඩු බද්ධ කිරීමේ සැත්කම 1985 වසරේ ඔක්තෝබර් 1 වන දින රත්නම් රෝහලේදී සිදු විය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා ‘‘නවලෝක රෝහල ආරම්භ කර වසර 2කට පසුව 1987 වසරේදී එම වෛද්‍ය කණ්ඩායම විසින් නවලෝක රෝහලේ පළමු වකුගඩු බද්ධ කිරීමේ සැත්කම සිදු කළා. එතැන් සිට ශල්‍ය වෛද්‍යවරුන් හා වකුගඩු රෝග විශේෂඥයින් තිදෙනෙකුගේ මූලිකත්වය යටතේ 2012 වසර දක්වා එම සැත්කම් නවලෝක රෝහලේදී සිදු වුණා. 2012න් පසුව වෛද්‍ය රුෂිකා ලැනරෝල්, මහාචාර්ය මන්දික විජේරත්න යන අයගේ ප‍්‍රධානත්වයෙන් නව යුගයක් ආරම්භ වුණා. 2012 ජූනි 01 වන දින සිය පළමු වකුගඩු බද්ධ කිරීමේ සැත්කම සිදු කළ එම කණ්ඩායම නවලෝක රෝහලේ 500 වැනි වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් සිදු කිරීමත් විශේෂත්වයක්’’ යනුවෙන් පවසා සිටින ලදී.