October, 17, 2016
මෙරට වේගයෙන් ම ව්‍යාප්තවන සමාගමක් ලෙස කීර්තියට පත්ව සිටින Ceyoka සමාගම, කම්පන තරංග චිකිත්සක ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකුවන Storz Medicals AG සමාගම සමග අත්වැල් බැඳ ගනිමින් සම මතුපිට කැපීමකට ලක් කිරීමෙන් තොරව භාවිතා කළ හැකි වේදනා නාශක ප්‍රතිකර්මයක්වන කම්පන තරංග චිකිත්සාව (Shock Wave Therapy) මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට හඳුන්වා දුන්නේය.
මාංශ පේශි ලිහිල් කිරීම සඳහා වේදනා සහිත ප්‍රදේශ හඳුනා ගැනීමටත්, ප්‍රතිකාර ලබා දීමටත් මෙහි සම්ප්‍රේෂක භාවිතා කෙරේ. තන්තු, මාංශ පේශි, අස්ථි සහ මෘදු පටක යළි වර්ධනය වීමට ශරීරය සතු ස්වභාවික හැකියාව ද මෙමගින් වැඩිදියුණු කෙරේ.
ශරීරයේ ඇතිවන ගල් සඳහා මෞත්‍රික රෝග චිකිත්සක ක්‍රමවේදයක් ලෙස ද, වැලමිට, විලුඹ, උරහිස්,අස්ථි, ඇඟිලි, නිදන්ගත මස්පිඬු වේදනා ආදිය සමනය කිරීම සඳහා විකලාංග චිකිත්සක ක්‍රමවේදයක් ලෙස ද මෙම කම්පන තරංග ක්‍රමවේදය භාවිතා කෙරේ.
නවලෝක රෝහලේ බාහිර රෝගී අංශයෙන් ලබා ගත හැකි මෙම සේවාවේ එක් සැසියක් සඳහා ගත වන්නේ මිනිත්තු 3-15 වැනි ඉතා කෙටි කාලයකි. මේ සඳහා රෝගියාට කිසිඳු නිර්වින්දනයක් හෝ වෙනත් ඖෂධයක් ලබා දීමට අවශ්‍ය නොවන අතර ප්‍රතිකාර ලබන රෝගියාට එමගින් කිසිඳු අතුරු අබාධයක් ඇති නොවේ.
"වේදනාකාරී අසනීප තත්ත්වයන් සුව කිරීම සඳහා අප නිරන්තරයෙන් නව්‍ය සහ කාර්යක්ෂම ක්‍රමවේද භාවිතා කරනවා. මෙම නවතම කම්පන තරංග ක්‍රමවේදය තුළින් මෙරට රෝගීන් හට වේදනාකාරී විකලාංග රෝග පහසුවෙන් සුව කර ගැනීමටත්, සිය අවයව යළි ක්‍රියාකාරී කිරීමටත් හැකි වේ." නවලෝක රෝහලේ අධ්‍යක්ෂ හර්ශිත් ධර්මදාස මහතා සඳහන් කළේය.
STORZ MEDICAL සමාගමේ නිෂ්පාදන පෙළ/විකුණුම් සහ අලෙවි කලාප අධ්‍යක්ෂ තෝමස් ස්ටියලේ මහතා සඳහන් කළේ සිය සමාගම දශක තුනකට ආසන්න කාලයක් පුරා කම්පන තරංග චිකිත්සක ක්ෂේත්‍රයේ තාක්ෂණික නව්‍යකරණයන් වෙනුවෙන් කැප වී සිටින බවය. "වර්තමානයේ මෙම ක්ෂේත්‍රයේ සිටින පුරෝගාමියෙකු ලෙස තමන් වාර්ෂික පදනම මත ලොව පුරා ඒකක 3000ක් පමණ අලෙවි කිරීමට සමත්ව සිටිනවා. යුරෝපය සහ ජර්මනිය යන රටවල මෙම ක්‍රමවේදය වඩාත් සාර්ථක, තිරසාර ප්‍රතිඵල අත්කර දෙන සම්මත ප්‍රතිකර්මයක් ලෙස භාවිතයට ගැනෙනවා." ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
විකලාංග ක්ෂේත්‍රයේ කීර්තිමත් භෞතචිකිත්සකවරයෙකු වන ස්කැන්ඩිනේවියානු ජාතික වෛද්‍ය ජෙන්ස් ලුංග්‍රන් ද වැඩමුළුව සඳහා සහභාගී වෙමින් කම්පන තරංග චිකිත්සක ක්‍රමවේදය පිළිබඳ සිය අත්දැකීම් බෙදාහදා ගත්තේය.
මෙරට භෞතචිකිත්සකවරුන් හට සති තුන-හතරක කාලයක් පුරා නිරන්තරයෙන් මෙම ක්‍රමවේදය භාවිත කළ හැකි බැවින් ශ්‍රී ලාංකික රෝගීන් හට එමගින් අමතර ප්‍රතිලාභ හිමි වේ.
"අප Ceyoka සමාගම සමග සම්බන්ධ වූයේ මීට වසර තුනකට ඉහතදීයි. චිකිත්සකවරුන්ගේ දැනුම වර්ධනය කිරීම අපගේ ප්‍රමුඛතාවක්වන බැවින් එතැන් පටන් අප වැඩමුළු කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කළා." ස්ටියලේ මහතා සඳහන් කළේය.
"Ceyoka සමාගම තාක්ෂණික දැනුමින් සහ පුහුණුව ලත් සේවක මඬුල්ලකින් සමන්විත වන බැවින් එම සමාගම පිළිබඳ අප තුළ දැඩි විශ්වාසයක් ගොඩනැගී තිබෙනවා. තාක්ෂණය පිළිබඳ මෙන්ම එහි ප්‍රතිලාභ පිළිබඳව ද දැනුම අත්‍යවශ්‍ය වනවා. කම්පන තරංග ක්‍රමවේදය යනු චිකිත්සක ක්ෂේත්‍රයේ අනාගතය ලෙස හැඳින්විය හැකියි." ඔහු අවසාන වශයෙන් අදහස් පළ කළේය.