නවලෝක හෝල්ඩිං FMCG ක්ෂේත්‍රයට පා තබයි

    January, 2, 2016

    ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරයක් වන නවලෝක හෝල්ඩිං විසින් ව්‍යාපාරික ලෝකයේ තවත් දැවැන්තයෙකු වන East West Marketing (EWM) අත්පත් කර ගැනීමත් සමගම FMCG ක්ෂේත්‍රයට අවතීර්ණ වීමට කටයුතු කර ඇත. EWM යනු දේශීය සහ විදේශීය ව්‍යාපාරික සහකරුවන් සමඟ දිගුකාලීන සම්බන්ධතා ඉදිරියට ගෙන යමින් ඔවුන්ගේ ලොව ඉහළ පෙළේ වෙළඳ නාමයන් යටතේ එන නිෂ්පාදන කාර්යක්ෂමව දීපව්‍යාප්තව හඳුන්වා දීමට ඛෙදාහැරීමට කටයුතු කරන ප්‍රමුඛතම ආයතනයකි.

    එම සමාගමට අයත් ප්‍රධානතම වෙළඳනාම අතර Turkey, Vege, Dimbula, Mel bourne, Bega, Aparna, Sunrise සහ Super Chef හඳුන්වා දිය හැකිය. ඊට අමතරව එළවළු තෙල්, සූරියකාන්ත තෙල්, ඉරිඟු තෙල්, සෝයා බෝංචි තෙල්,පොල්තෙල්, බාස්මතී හාල් , ටින් කළ මාළු, චීස්, සෝයාමීට්, තේ, සෝස් වර්ග පෙළක්, නූඩ්ල්ස්, මැකරෝනි සහ මේස ලුණු වැනි නිෂ්පාදන රැසක් හඳුන්වා දිය හැකිය. එසේම මිල්ග්‍රෝ කිරිපිටි නැවතත් වෙළඳපළට නිකුත් කිරීමේ අවකාශයද එම සමාගමට හිමි වී ඇත. East West Marketing සමාගමට අයත් බේකරි අංශය මගින් දීප ව්‍යාප්ත කුඩා, මධ්‍යම සහ මහාපරිමාණයේ බේකරි සඳහා අමුද්‍රව්‍ය සපයන අතරම ලොව විශාලතම යීස්ට් නිෂ්පාදන ආයතනය වන ප්‍රංශයේ Saf Yeast හි එකම ශ්‍රී ලාංකික නියෝජිතයාද වෙයි. මේ වන විට සමාගම සවිබල ගන්වමින් ක්‍රියාත්මක වන ශකතිමත් ගනුදෙනුකරුවන් ජාලයක්, දැවැන්ත ගබඩා සංකීර්ණයක් සහ නවතම වාහන සමුදායක් මෙන්ම කාර්යක්ෂම ඛෙදාහැරීම් ජාලයක්ද සමාගම සතුව පවතී.

    නවලෝක හෝල්ඩ්ංග්ස් හි සභාපති ජයන්ත ධර්මදාස මහතා මේ පිළිබඳ සිය අදහස් පළ කර සිටියේ මෙලෙසිනි. “අපි නිරන්තයෙන්ම උසස් ප්‍රමිතිය පිළිබඳ වඩාත් සැළකිළිමත් වෙනවා. වසර 70 ක් පුරා නැවත නැවතත් අප ඒ බව තහවුරු කරනු ලැබුවා. දැරිය හැකි මිළට උසස් ප්‍රමිතියෙන් යුත් සේවයක් සැපයීමේ උසස් සම්ප්‍රදාය අපි අලූතින්ම අත්පත් කර ගත් EWM හරහා ඉදිරියටත් රැකගැනීමට කටයුතු කරනවා”.

    දේශයේ කීර්තිමත් ව්‍යාපාරික දැවැන්තයෙකු වන නවලෝක හෝල්ඩිංග් මේ වන විට සෞඛ්‍ය, ඉදිකිරිම් නිෂ්පාදන, වෙළඳ, ඛණිජ තෙල්, අධ්‍යාපන, දේපළ, ඉඩකඩම්, මූල්‍ය සහ ගුවන්සේවා යන සේවා සියල්ලෙන්ම සන්නද්ධව ඇත. ලැයිස්තු ගත සමාගම් 03කට අමතරව නවලෝක හෝල්ඩිංස් සතුව තවත් සමාගම් 20කට අධික සංඛ්‍යාවක් ඇතග ඔවුන් සතු තාක්ෂණය, හැකියාවන් සහ ප්‍රවීණත්වය EWM සමග අරඹන මෙහෙයුම සඳහා වැදගත් මෙහෙවරක් ඉටු කරමින් මෙරට විශිෂ්ටතම FMCG වෙළඳනාමය වශයෙන් ක්ෂේත්‍රය ජය ගැනීමට මංපෙත් විවර කරනු ඇත.