නවලෝක MEP Concepts වෙතින් පරිපූර්ණ වාණිජ වායු සමීකරණ විසඳුම්

    July, 28, 2016

    නවලෝක හෝල්ඩිංග්ස් සමාගමේ අනු සමාගමක්වන නවලෝක MEP Concepts සමාගම, ඕනෑම තත්ත්වයකට ඔබින ආකාරයේ වායු සමීකරණ විසඳුම් ලබා දීම තුළ තමන් සතු අත්දැකීම් සහ තාක්ෂණික විශේෂඥතාව තවදුරටත් පිළිබිඹු කරමින් ලොව කීර්තිමත් සහ විශිෂ්ට වායු සමීකරණ සන්නාම මෙරට වාණිජ ක්ෂේත්‍රයට හඳුන්වා දෙයි.

    නවලෝක MEP Concepts සමාගම 2015 වසරේ පටන් Carrier, Toshiba, Helios සහ Liang Chi වැනි ලොව සුපතළ සන්නාම සමග අත්වැල් බැඳ ගනිමින් පුළුල් පරාසයක විහිදුනු වායු සමීකරණ සහ ශීතකරණ මාදිලි රැසක් මෙරටට හඳුන්වා දී ඇත.

    "අපගේ පාරිභෝගිකයන්ගේ දිනෙන්-දින වෙනස්වන අවශ්‍යතාවන්ට සරිලන පරිදි වාණිජ සහ සුළු වාණිජ වායු සමීකරණ මාදිලි රැසක් එක ම වහලක් යටතේ මිලදී ගැනීමේ අවස්ථාව අප පාරිභෝගිකයන් හට හිමිකර දී තිබෙනවා. පුළුල් පරාසයක විහිදුනු ලොව විශිෂ්ටත ම තාක්ෂණයෙන් යුතු වායු සමීකරණ පද්ධති ඉහල විදුලි කාර්යක්ෂමතාවයෙන් යුතුවන බැවින් පාරිභෝගිකයන් වැය කරන මුදලට සරිලන උපරිම සේවාවක් ලබා ගැනීමට පාරිභෝගිකයන් හට හැකි වනවා." Ceyoka සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ හර්ෂිත් ධර්මදාස මහතා සඳහන් කළේය.

    මෙම නවත ම මාදිලි පෙළ නවීන තාක්ෂණයෙන්, බලශක්ති කාර්යක්ෂමතාවයෙන් සවිබල ගැන්වුණු ඇමරිකානු තාප ශීතකරණ සහ වායු සමීකරණ ඉංජිනේරු සංගමයේ (ASHRAE) විශේෂිකරණයට ලක් වූ බලශක්ති කාර්යක්ෂම සම්පීඩකවලින් යුතු පරිසර හිතකාමී ශීතකාරක ද්‍රව්‍ය ශ්‍රී ලාංකේය වායු සමීකරණ ක්ෂේත්‍රයට හඳුන්වා දීමට නවලෝක MEP Concepts සමාගම කටයුතු කරයි.

    ASHRAE යනු තාපන වායු සමීකරණ, ශීතකරණ නිර්මාණය සහ නූතන තාක්ෂණය වැඩිදියුණු කිරීමේ නිරත වෘත්තිකයන් රැසකගෙන් සැදුම්ලත් ජාත්‍යන්තරව පිළිගත් සංවිධානයකි.

    නවලෝක MEP Concepts සමාගම විසින් හඳුන්වා දෙන ශීතකාරක විසඳුම් ලොව ප්‍රමුඛත ම සන්නාමයක්වන Carrier සන්නාමයෙන් වෙළඳපලට පිවිසෙයි. Carrier සුළු වාණිජ සහ වාණිජ HVAC (මධ්‍යම තාපන සංවාතන සහ වායු සමීකරණ) පද්ධති, ශීත ජල නාලවලින් සමන්විත, ශීත ජල කැසට් සහ වායු පරිහරණ ඒකක සියලු ම මහා පරිමාණ වාණිජ අවශ්‍යතාවන් සඳහා කාර්යක්ෂම, විශ්වසනීය සිසිල්කරණ විසඳුම් ලබා දෙයි.

    විචල්‍ය ශීතකාරක වහන (VRF) සහ විචල්‍ය ශීතකාරක ධාරිතා (VRV) පද්ධති Toshiba සන්නාමයේ වැඩිදියුණු කරන ලද දේශගුණික පාලන තාක්ෂණ ක්‍රමවේදයන්ගෙන් සමන්විතවන අතර, එමගින් දවසේ විවිධ වේලාවන්හිදී පවතින උෂ්ණත්වය මත ගොඩනැගිල්ලේ විවිධ ස්ථානවල සිසිල්කරණය පාලනය කෙරේ. දැකුම්කළු නිමාවෙන් යුතු Toshiba අභ්‍යන්තර වායුසමීකරණ ඒකක, නම්‍යශීලිබව සහ බලශක්ති කාර්යක්ෂමතාව සහිත නිෂ්පාදන පෙළකි.
    සංවාතන නිෂ්පාදන (Ventilation products) හඳුන්වා දෙන Helios නාමය සැලසුම්කරණය සහ නිෂ්පාදනය තුළ දශක හයකට අධික අත්දැකීම් සම්භාරයකට සහ අසමසම පාරිභෝගික පදනමකට හිමිකම් කියයි.

    නවලෝක MEP Concepts සමාගම සහ මැලේසියාවේ සිසිලන අටලු (Cooling towers) නිෂ්පාදන සමාගමක්වන Liang Chi සමාගම සමග ඇති සබඳතාව හේතුවෙන් මෙරට පාරිභෝගිකයන් හට උසස් ම ප්‍රමිතියෙන් යුතු සිසිලන අටලු මිලදී ගැනීමේ අවස්ථාව හිමි වී තිබේ. තායිවානයේ යන්ත්‍ර සහ නූතන නිෂ්පාදන තාක්ෂණය භාවිතා කරමින් නිමැවෙන මෙම සිසිලන අටලු සඳහා ජාත්‍යන්තර පේටන්ට් බලපත්‍රය හිමිව තිබීමෙන් එහි විශ්වසනීයත්වය සහ විශිෂ්ටත්වය මැනවින් පිළිබිඹු වේ.

    පාරිභෝගිකයන් හට උසස් සේවාවක් ලබා දීම සඳහා නිබඳ කැපවන තාක්ෂණික ශිල්පීන්ගෙන් සහ කාර්යමණ්ඩල සාමාජිකයන්ගෙන් සවිබල ගැන්වුණු නවලෝක MEP Concepts සමාගම, සිය සන්නාම රැස පාරිභෝගිකයන් අතර වඩාත් ප්‍රචලිත කිරීම වෙනුවෙන් කටයුතු කරයි. උපරිම කාර්යක්ෂමතාව සහ සුවපහසුව සිය පාරිභෝගික ජනතාවට හිමිකර දෙන අතරතුර තිරසාරත්වය වෙනුවෙන් කැප වෙමින් නවලෝක MEP Concepts සමාගම වඩාත් සවිමත්ව අනාගතයට පිවිසීමට සූදානමින් සිටී.